ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාම යෝජනා අත්සන් කිරීම අද (10) පස්වරු 3.00 සිට ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා නීතිඥ සුනිල් වටගලගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ව්‍යාපාරිකයින්, නීතිඥයින්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන්, කලාකරුවන් සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුලු පිරිසකින් සමන්විත වූයේය.
මෙවර ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ආබාධ සහිත පුද්ගලයින් නියෝජනය කරමින් අපේක්ෂකයකු ඉදිරිපත්වීම විශේෂත්වයක් බව එම සංවිධානය පවසයි.







