බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 මේ රජය රැක ගත යුතුයි… විපක්ෂයේ සතුරු කඳවුරට එක්වීමට අවශ්‍ය නැති බැවින්  විමල්  මහ මැතිවරණයට තරග නොකරන බව කියයි!

by editor
ඔක්තෝබර් 10, 2024
in පුවත්
wimal
Share on FacebookShare on Twitter

විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ මෙවර මහ මැතිවරණයට තරග නොකර සිටීමට තීරණය කර තිබේ.

දීර්ඝ වශයෙන් ගොලීය දේශපාලන තත්ත්වයන් සම්බන්ධව විවරණයක් කරමින් නිවේදනයක් නිකුත් කරන විමල් වීරවංශ පවතින රජය ආරක්ෂා කරගැනීමේ ජාතික වගකීම අවධාරණය කරමින් ජනතා අපේක්ෂාවන් ව්‍යනසයට ලක් කරන විපක්ෂයේ භූමිකාවට සූදානම් නැති බව ද දන්වා සිටී.

විමල් වීරවංශ විසින් නිකුත් කළ නිවේදනයේ කොටසක් පහත දැක්වේ.

“මේ වන විට රටේ ජනතාව නිදහස් සහ සාමකාමී මැතිවරණයක් මගින් ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන ඇත. නමුත් ශ්‍රී ලංකාවට හතුරු විදේශීය බලවේගවල අපේක්ෂාව වූයේ එවැනි තත්ත්වයක් නොවන බව ජනාධිපතිවරණයට පෙර යම් රටවල් විසින් සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන තම රටවැසියන්ට නිකුත් කළ අනතුරු ඇඟවීම්වලින් පැහැදිලි විය. ජනාධිපතිවරණ ප්‍රතිඵල ආශ්‍රිතව ඇති වන අවිනිශ්චිත තත්ත්වයන් දඩමීමා කර ගනිමින් ගැටුම් ඇවිලවීම සහ අවසානයේදී බංග්ලාදේශයේ නිර්මාණය කළ තත්ත්වය ශ්‍රී ලංකාවේ ඉරණම බවට පත් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වූ බව දැන් රහසක් නොවේ.

එහෙත් ඒ පිළිබඳව අප විසින් කරුණු සහිතව ඉදිරිපත් කළ අනතුරු ඇඟවීම් රටේ ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශපාලන බලවේග විසින් ගැඹුරින් තේරුම් ගෙන ඊට අනුව කටයුතු කිරීම නිසා එවැනි තත්ත්වයක් වළකා ගත හැකි විය. ඒ පිළිබඳව අප අවංකව සතුටු වන අතර එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා සංවිධානාත්මකව කටයුතු කිරීම පිළිබඳව ගරු ජනාධිපතිතුමන්ට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ද අපගේ ස්තුතිය ප්‍රකාශ කරමු.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජනතා විමුක්ති පෙරමුණේ අතීත උරුමයට අයිතියක් ඇති සහ ඊට ගරු කරන, අධිරාජ්‍ය විරෝධය මුල් කරගත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප, ජනාධිපතිවරයා බලයට පත් කළ ජනවරම ආරක්ෂා කිරීමට සහ එම ජනවරම නිර්මාණය කළ මහජනයාගේ අපේක්ෂා වෙනුවෙන් පෙනී සිටීමට බැඳී සිටියි. එම තත්ත්වය තුළ මහ මැතිවරණය මගින් සාමාන්‍ය බහුතරය සහිත ආණ්ඩුවක් පිහිටුවීම යනු ඉහත සඳහන් කළ අර්බුදයට මුහුණ දීම සඳහා වන පූර්ව කොන්දේසියක් බවට පත්වේ. ඒ මගින් බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී කල්ලිවල ආණ්ඩුව සමඟ කේවල් කිරීමේ බලය සීමා වේ.

එහිදී ආණ්ඩුව තුළ නියෝජනය නොවන බලවේග සහ විපක්ෂය ලෙස හැඳින්වෙන බලවේගවලට භූමිකාවන් දෙකකින් එකක් තෝරා ගැනීමට බල කෙරේ. පළමුවැන්න සම්ප්‍රදායනුකූල විරුද්ධ විපක්ෂය ලෙස අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට වාසිසහගත භූමිකාවක් ඉටු කිරීමය. අපගේ කියවීම අනුව දෙවැන්න වන්නේ මහජන අපේක්ෂා නියෝජනය කරමින් ආණ්ඩුව පීලිපැනීම වැළැක්වීම සඳහා මඟ පෙන්වීමේ සහ බලපෑම් කිරීමේ භූමිකාවය.

ජාතික බලවේගවලට මානසික බාධක පනවනු ලබන යම් පාර්ශ්ව විසින් එම භූමිකාව ආණ්ඩුවට සහාය දීමක් ලෙස නිර්වචනය කිරීමේ හැකියාව ඇත. ඒ පිළිබඳව අපගේ විරෝධයක් නොමැති අතර එම අභියෝගයට සහ රටේ පවතින බහුතර මහජන මතයට සාපේක්ෂව ගත්විට පාර්ලිමේන්තුව තුළ ඉටු කර කරන භූමිකාවට වඩා පාර්ලිමේන්තුවෙන් පිටත භූමිකාව වඩා වැදගත් සහ බලවත් විය යුතු බව අපගේ දේශපාලන කියවා ගැනීම වේ.

එසේම පාර්ලිමේන්තු මැතිවරණ සටන තුළ සම්ප්‍රදායනුකූල පක්ෂයේ භූමිකාව ඉටු කිරීම මගින් බහුතර මහජන අපේක්ෂා සහ අපගේ අපේක්ෂා අතර ගැටුමක් නිර්මාණය කිරීම අවසාන අරමුණට සාපේක්ෂව නිශේධනාත්මක ක්‍රියාවක් ලෙස අපි කල්පනා කරමු. එම නිසා ජාතික නිදහස් පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තරඟ නොකරන බව රටේ මහජනතාව වෙත ඉතා වගකීමෙන් යුතුව දන්වා සිටිමු.

මෙම තීන්දුව අපගේ පක්ෂයේ සියලුම මට්ටම්වල සංවිධාන යාන්ත්‍රණය තුළ සාකච්ඡා කිරීම මගින් සහ තීන්දු තීරණ ගනු ලබන මණ්ඩප සහ සමූහයන්ගේ එකඟතාව මත ගනු ලැබූ දේශපාලන තීන්දුවක් බව තවදුරටත් දන්වා සිටිමු. එසේම ඉදිරි දින කිහිපය තුළ ඉදිරි මැතිවරණය තුළ සහ ඉන්පසුව ඇති වන දේශපාලන ක්‍රියාන්විතය තුළ බෙදීම ඇතිවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ අපගේ යෝජනා හෙවත් ප්‍රතිපත්තිමය බෙදීමට අදාළ ප්‍රකාශය එළිදක්වන බව ද දන්වා සිටිමු.

අවසාන වශයෙන්, අනුර දිසානායක ජනාධිපතිවරයා ‘දෙවන ගෝඨාභය’ බවට පත්කිරීම සඳහා රටට හතුරු අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට සේවය කරන යම් විපක්ෂ බලවේගවලට උවමනාවක් තිබෙන බවට සැකයක් නැත. එහෙත් අප පක්ෂය එම උවමනාව නියෝජනය කරමින් රට තවදුරටත් අර්බුදයට ගොදුරු කිරීමට දායක නොවන බව ද වගකීමෙන් යුතුව පොදු මහජනතාවට සහතික වෙමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැඩබලන අග විනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි!

Next Post

කොළඹ මහාධිකරණය හිටපු රාජ්‍ය ඇමති අනුප පැස්කුවෙල් ගේ ගිනුම් දෙකක් අත්හිටුවයි…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.