බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ශ්‍රී ලංකා පොලිසියේ 35වැනි පොලිස්පතිවරයාගේ නෑසුන කතාව

by editor
නොවැම්බර් 23, 2020 - Updated on නොවැම්බර් 29, 2020
in සමාජ
DC- Wicramarathna

පොලිස්පති චන්දන වික්‍රමරත්න

Share on FacebookShare on Twitter

ගයාන් කුමාර වීරසිංහ –

මහජනතාවගේ පොලීසියක් ගොඩ නැගීම අරමුණුකරගත් පොලීසියේ සිට පාර දෙස බැලීම වෙනුවට පාරේ සිට පොලීසිය දෙස බැලිය යුතුය යන සංකල්පය පෙරදැරිකරගත් ශ්‍රී ලංකා පොලීසියේ 35 වෙනි පොලිස්පතිවරයා වීමට නියමිත චන්දන වික්‍රමරත්න ය.

ඒ සම්බන්ධයෙන් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිර්දේශය අද පාර්ලිමේන්තු සභාවට යොමු වුණේය. පාර්ලිමේන්තු සභාවේ  අනුමැතිය සහිතව  ජනාධිපතිවරයා විසින් ඔහු පොලිස්පති වරයා ලෙස පත් කිරීමට නියමිතය.

දැනට ශ්‍රී ලංකා පොලීසියේ   පොලිස්පති ධුරය දැරීමට ඔහු තරම් වෙනත් සුදුස්සෙන් නැත. ඊට හොදම උදාහරණය වන්නේ ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ දී පාස්කු ප්‍රහාරය එල්ලවීම සම්බන්ධයෙන් 34 වැනි පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර  අනිවාර්ය නිවාඩු යැවීමත් සමග වසරකුත් මාස හතක කාලයක් පොලිස්පතිධුරයේ කටයුතු පොලීසිය කිසිදු අර්බුදයකට ලක්නොවන ආකාරයට කරගෙන යාමෙනි.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ මෙතරම් දීර්ඝ කාලයක් වැඩ බලන පොලිස්පතිධුරය කිසිදු නිලධාරියෙක් හොබවා නැත. එබැවින් චන්දන වික්‍රමරත්න  ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වාර්තා අතරට ද එක්ව සිටින නිලධාරියෙකි. එසේම පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයාව සිටියදී ඔහු රෝගී ව රෝහල්ගතව සිටි සහ විදෙස් සංචරයන්වල නිරතව සිටිය දී පොලිස්පතිධුරයේ වැඩ බලන්නට පත්කරනු ලැබුවේ ද චන්දන වික්‍රමරත්න ය. එසේ ඔහු වැඩ බලන පොලිස්පතිධුරය හොබවා ඇති වාර ගණනද 13 කි. එයද වාර්තාවකි. එනම් මෙතරම් අවස්ථා ගණනක් එකම නිලධාරියෙක් පොලිස්පති ධුරයේ වැඩ බලා නැති බැවිණි. එසේම චන්දන වික්‍රමරත්න පොලිස් සේවයට එක්වන්නේ බුද්ධි අංශ නිලධාරියෙක් ලෙසිණි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහසෙයේ බුද්ධි අංශයේ නිලධාරියෙක් පොලිස්පතිධුරයට මෙතෙක් පත්ව නැත. ඒ අවස්ථාවද හිමිව ඇත්තේ චන්ද වික්‍රමරත්නටමය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

පොලිස්පති ධූරය නවත්වන්න වළ කැපූ හැටි

පොලිස් ඉතිහාසයයේ වාර්තා ගොන්නකටම මේ වන විටත් සිය නාමය ඇතුළත් කරගෙන සිටින නව පොලිස්පති චන්දන වික්‍රමරත්න   පොලිස්පතිධුරයට පත්වීම වලකන්නට ද පොලීසියේම ඇතැම්හු උත්සහ නොදැරුවාම නොවේ. ඒ අසූ දහසක් පමණ වූ පොලිස් බලකායෙන් දෑතේ ඇගිලි ගණනටත් අඩු නිලධාරීන් පිරිසකි. ඒ ඔවුන්ගේ පටු අරමුණු වෙනුවෙනි. ඒ අය අඩුම තරමින් චන්දන වික්‍රමරත්නගේ ජ්‍යෙෂ්ඨත්වයට කිට්ට්වටත් සිටියේ ද නැත. එම නිලධාරීන් දෙතුන් දෙනා චන්දන වික්‍රමරත්නගේ කකුලෙන් නොඅදින්නට ඔහු පොලිස්පතිධුරයට පත්ව බොහෝ කල්ය.

චන්ද වික්‍රමරත්න   නිහඬ චරිතයකි. ඔහු මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නැත. වසර තිහකට අධික පොලිස් ජීවිතය තුළ ඔහු මාධ්‍ය ඉදිරියට පැමිණ ඇත්තේ ද අතේ අඟිලි ගණනටත් අඩුවෙනි. වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පවා ඔහු මාධ්‍ය හමුවේ පෙනී සිට ඇත්තේද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහාය. ඒ ත්‍රිවිධ හමුදාපතිවරුන් සමගිනි. ඒ ඔහු වැඩ කරන හැටිය. පොලීසියේ අප්‍රසිද්ධ චරිතයක් බවට වික්‍රමරත්නයන් පත්ව සිටින්නේ එබැවිනි.

කොටකෙතන ඝාතන රැල්ල මැඬලීම

එහෙත් පොලීසිය තුළ වැඩ කරන්නට ඔහු තරම් දක්ෂයෙක් නැති තරම්ය. ඊට හොඳම උදාහරණය කහවත්ත කොටකෙනන ග්‍රාමයේ සිදුවුණු කාන්තා ඝාතන රැල්ලය. එකල ඔහු සේවයේ නිරතව සිටියේ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසිණි. 2008 වසරේ ජූලි 21 වෙනිදා 56 හැවරදි සෙල්ලයියා මාරියාගේ ඝාතනයෙන් ඇරඹි කොටකෙතන කාත්තා ඝාතන රැල්ල දකුණේ සිට අධ්‍යයනය කළ චන්දන වික්‍රමරත්න   එය දාම ඝාතකයෙකුගේ වැඩක් බව ඇස්තමේන්තු කළේය. එහෙත් එකල සිටි ඉහළ පොලිස් නිලධාරීන් පිළිගන්නට කැමැත්තක් නොදැක්වූයේ විදේශයන්වල මෙන් අපේ රටේ දාම ඝාතකයින් නොමැති බව සඳහන් කරමිනි. ඒ අනුව විටෙන් විට කාන්තා ඝාතකයින් බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තරගයට විවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා විට චන්දන වික්‍රමරත්න කළේ ඒ ගැන අධ්‍යනය කිරීමය. ඒ ඔහුගේ මතය පිළිගන්නට පොලිස් ලොක්කන් මැළිකමක් දක්වන්නට වූ බැවිණි.

අවසානයේදී කොටකෙතන කාන්තා ඝාතන රැල්ල මැඩලීමේ කටයුත්ත පැවරෙන්නේ ද චන්දන වික්‍රමරත්නටමය. ඒ 2015 වසරේ සැත්තැම්බර් 11 වෙනිදා කොටකෙතන ඕපාතවත්තේ දී නාගන් පාප්පු නැමැති කාන්තාවගේ අභිරහස් මරණයත් සමගිනි. එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්ද පොලිස් ස්ථාන කිහිපයකින් තෝරාගත් නිලධාරීන් කිහිප දෙනෙක්ද යොදවා සකස් කළ විශේෂ පොලිස් කණ්ඩායමක් මෙහෙයවමින් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව කොටකෙනත කාන්තා ඝාතනයයේ සැබෑ අපරාධකරුව නීල් ලක්ෂමන් නැමැත්තාව අත්අඩංගුවට ගන්තේය. ඒ 2015 වසරේ දෙසැම්බර් 11 වෙනිදාය. ඒ වන කොටකෙතනේ සිදුව තිබුණු කාන්තා ඝාතන ගණන 19 කි. එම ඝාතන අතරින් ඝාතන 15 කටම වගකිව යුත්තා බවට සාක්ෂි සහිතව හඳුනා ගන්නේ මෙම සැකකරුවය. ඔහු විසින් කරන්නට සූදානම්ව සිටි තවත් කාන්තා ඝාතන රැසකම තොරතුරු ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබුණු අතර ඒ සියල්ලක්ම වැලකෙන්නේ චන්ද වික්‍රමරත්නගේ සියුම් විමර්ශන මෙහෙයවීම් නිසාය. කොටකෙතන ජනතාව අද බියෙන් සැකෙන් තොරව ජීවත්වන්නේ ද එබැවිනි.

සංදර්ශනවලින් තොරව වැඩ

චන්දන වික්‍රමරත්න මේ අකාරයෙන් මාධ්‍ය සංදර්ශනවලින් තොරව කළ වැඩ ගොන්නකි. යුද සමයේදී ඔහුගේ දායකත්වය යුද්ධය නිමා කිරීමට ලැබෙන්නේ යාපනයේ සිටය. 2005 වසරේ සිට 2007 වසර දක්වාම ඔහු යාපනයේ සිට කළ සේවය අති මහත්ය. එසේම යුද්ධය නිමවීමත් සමග ඔහු පදවියේ සිට එකල මායිම් ගම්මාන ලෙස සැලකූ උතුරට මායිම්ව පිහිටි උතුරුමැද පළාතේ ගම්මාන නගා සිටුවීමට   විශාල කාර්ය භාරයක් ඉටු කළේය. ඒ සියල්ලක්ම ඔහු කළේ නිහඩවය. ඒ ඔහුගේ හැටිය.

චන්දන වික්‍රමරත්න  මෙලොව එළිය දකින්නේ 1963 වසරේ මාර්තු 26 වෙනිදාය. ඒ කොළඹදීය. පියා සමාගම් කළමනාකරුවෙකි. සාමාන්‍ය පවුලක උපන් වික්‍රමරත්නයන්ගේ මව ගෘහණියකි. චන්දන වික්‍රමරත්න මූලික පාසල් අධ්‍යාපනය ලබන්නේ නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලයෙනි. හතරවැනි පංතිය දක්වා ශාන්ත ජොන්  විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ඔහු අනතුරුව ඇතුළත් වන්නේ මහනාම විද්‍යාලයටය. පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වයට මහනාම විද්‍යාලයේදී මුහුණ දෙන චන්දන වික්‍රමරත්නයන්   ඉහළම ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් හයවැනි ශ්‍රේණියට ඇතුලත් වන්නේ කොළඹ ආනන්දයටය. එකල ඔහු ආනන්දයේ රගර් කණ්ඩායම ද නියෝජනය කළේය.

පොලිස් සේවයට බැඳීම

ආනන්දයෙන් උසස් පෙළ ඉහළින්ම සමත් වන චන්දන වික්‍රමරත්නයන් උසස් අධ්‍යාපනය හැදෑරීමට ඇතුළත් වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයටය. රගර් ක්‍රීඩාවට අමතරව මල්ලව පොර ක්‍රීඩාවටද ඔහු යොමු වන්නේ විශ්ව විද්‍යාලයේදීය. එකී ක්‍රීඩාවන් සම්බන්ධයෙන් ඔහු වර්ණ ලාභියෙක්ද වේ.

චන්දන වික්‍රමරත්න මහතා පොලිස් සේවයට එක්වන්නේ භෞතික විද්‍යා උපාධිධාරියෙක් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයෙන් පිටවීමත් සමගිනි. පොලීසිය කෙරෙහි ඔහුගේ සිත ඇදී යන්නේ පොලිස් සේවයේ නිරතව සිටි තම සීයාගේ වීර වික්‍රමයන් ගැන සිය මව කුඩා කාලයේ සිට පවසන දෑ ඇසීමෙනි.

විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව   පොලීසියට අයදුම්පතක් ඉදිරිපත් කර මූලික සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමෙන් අනතුරුව ප්‍රතිඵල ලැබෙන තුරු ඔහු නිකරු‍ණේ කාලය ගත කරන්නට ගියේ නැත. පුද්ගලික ආයතනයක කළමනාකාරුවෙක් ලෙස සිය හැකියාවන් ප්‍රගුණ කළේය.

එදා පොලිස් සේවයට අයදුම්පත් යොමුකළ චන්ද වික්‍රමරත්න  සමග සම්මුඛ පරීක්ෂයට ඉදිරිපත්ව සිටි ගණන 76 දෙනෙකි. එම සම්මුඛ පරීක්ෂණයන් පැවැත්වෙන්නේ අද රාජ්‍ය බුද්ධි සේවය ලෙස හදුන්වන එකල ජාතික රහස් තොරතුරු කාර්යාංශයට නිලධාරීන් බඳවා ගන්නටය. එදා ඒ පැවැති සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගැනෙන්නේ තිදෙනෙක් පමණි. ඒ තිදෙනාගෙන් අවසාන සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්වන්නේ චන්දන වික්‍රමරත්න සහ තවත් එක් අයෙක් පමණි. ඒ දෙවැන්නා මේ වන විටත් පොලිස් සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වන ෆ්‍රෑන්ක්ලි ප්‍රනාන්දුය. අවසාන සම්මුඛ පරීක්ෂණය මග හරින ලද ඔහු අද ඉහළ අධිකරණයක විනිසුරුවරයෙකි.

අවසානයේදී චන්දන වික්‍රමරත්න  පොලිස් සේවයට ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස බඳවා ගැනෙන්නේ 1986 ජුනි 16 වෙනිදා ය.

බුද්ධි අංශ නිලධාරියෙක්…

මූලික පොලිස් පුහුණුවෙන් පසු 1987 වසරේ සිට 1995 වසර දක්වා වසර 08ක්ම චන්දන වික්‍රමරත්න  සේවය කරනුයේ බුද්ධි අංශයේය. පොලිස් අධිකාරීවරයෙක් ලෙස ඔහු උසස් වීම් ලබන්නේද බුද්ධි අංශයේ සේවයේ නිරතව සිටි 1993 වසරේ මාර්තු 02 වැනිදාය. බුද්ධි අංශ නිලධාරීයෙක් ලෙස සිය මූලික පොලිස් ජීවිතය ගත කළ ඔහුට සිවිල් ජනතාව සමග කටයුතු කරන්නට 1995 වසරේදී අවස්ථාව ලැබෙන්නේ කෑගල්ල පොලිස් කොට්ඨාසයෙනි. වසරක පමණ කාලයක් ඔහු කෑගල්ලේ සේවයේ නිරතව සිට ත්‍රිකුණාමලේයේත් කන්තලේත් සේවයේ නිරතව සිටියේය. අනතුරුව 1997 වසරේදී ඔහුට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ පොලිස් මූලස්ථානයටය. ටික කලකට පසුව චන්දන වික්‍රමරත්නට  මහනුවරට ස්ථාන මාරුවීමක් ලැබෙන අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීම් ලබන්නේ මහනුවර සේවයේ නිරතව සිටි 1998 වසරේ මාර්තු 02 වෙනිදාය.

මහනුවරින් ඔහුට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ මොණරාගලටය. කොට්ඨාශභාර පොලිස් ප්‍රධානියා ලෙස 2001 වසර දක්වාම සේවයේ නිරතව සිටි චන්දන වික්‍රමරත්නට නැවතත් පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීමක් ලැබුණේය. මාස කිහිපයකට වඩා ඔහු පොලිස් මූලස්ථානයේ රැදී සිටියේ නැත. මාතරට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ කොට්ඨාසභාර පොලිස් ප්‍රධානියා ලෙසිණි. 2005 වසර දක්වාම ඔහු කොට්ඨාසභාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නරතව ස්ථාන මාරුවීමක් ලබන්නේ යාපනයටය.

2007 වසර දක්වාම ඔහු යාපනයේ සේවය කළේය. 2004 වසරේ දෙසැම්බර් 09 වෙනිදා පෙරදාතම කරමින් චන්දන වික්‍රමරත්න මහතා නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස් වීම් ලබන්නේද යාපනයේ සිටියදීමය. යාපනයේ සිට 2007 වසරේදී නුවරළියටත් 2008 වසරේදී පොලිස් මූලස්ථානයටත් ස්ථාන මාරුවීම් ඔහුට ලැබුනේය. පදවියට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ අනතුරුවය. 2009 වසරේ සිට 2010 දක්වා පදවියේ ඔහු සේවයේ නිරතව සිටියේය. අනතුරුව ත්‍රිකුණාමලයට ස්ථාන මාරුවීමක් ලබන ඔහු 2011 වසර දක්වාම එහි සේවය කර නැවතත් රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත වන්නේ කෙටි කාලයකටය. රාජ්‍ය බුද්ධි සේවයට ලද ස්ථාන මාරුවීම සමග 2011 වසර තුළ පමණක් ඔහුට ලැබෙන ස්ථාන මාරුවීම් ගණන 04 කි. ඒ පුත්තලම, යාපනය, උතුරුමැද යන ප්‍රදේශවල පොලිස් ප්‍රධානී තනතුරු සඳහාය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස්වීම් ලබන්නේද ඒ අතර තුරදීය. 2011 මැයි 20 වෙනිදා පෙරදාතම කරමින් 2011 වස‍රේ අගෝස්තු 01 වෙනිදා උසස් වීම් ලැබීමෙන් පසු චන්දන වික්‍රමරත්න මහතා උතුරු පළාත්භාර පොලිස් ප්‍රධානියා ලෙසත් උතුරු මැද පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙසත් 2011 වසරේ සේවය කළේය. 2012 වසරේදී ඔහුට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ සබරගමුව පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙසිණි. එම වසරේදීම නැවතත් ඔහුට ස්ථාන මාරු කෙරෙන්නේ දකුණු පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙසිණි. ඔහු 2016 වසර දක්වාම දකුණු පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියේ වරින් වර සබරගමුව පළාත් භාරව වැඩ බලන පොලිස් ප්‍රධානියා ලෙසින්ද කටයුතු කරමිනි.

2016 වසරේ පූජිත් ජයසුන්දර  ශ්‍රී ලංකා පොලීසියේ 34 වැනි පොලිස්පතිවරයා ලෙස පත්වීමෙන් පසු පොලිස් මූලස්ථානයට කැඳවමින් චන්දන වික්‍රමරත්නට පවරන්නේ පොලිස් පරිපාලන අංශයයි. පොලිස්පතිවරයාගෙන් පසු පොලීසියේ ඉහළලම තනතුර වන්නේ පරිපාලන අංශයේ ප්‍රධානී තනතුරය. පොලිස්පතිධුරය දක්වා ගෙවී ගිය සිව් වසර තුළ චන්දන සේවය කළේ පොලිස් පරිපාලන අංශ ප්‍රධානියා ලෙසිණි.

ශ්‍රී ලංකා පොලීසියට ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස එක්වූ දින සිට මේ දක්වා ගෙවි ගිය වසර තිස් හතරක කාලය තුළ චන්දන වික්‍රමරත්නයන්  හදාරා ඇති විදෙස් පාඨමාලා ගණන 13කි. ඉන්දියාව, එක්සත් රාජධානිය, ජපානය, සිංගප්පූරුව, බ්‍රසීලය, මියන්මාර්කය, යන රටවලදී මානව සම්බත් කලමනාකරණය, බුද්ධි, මහජන පොලීසිය, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය,මත්ද්‍රව්‍ය ,ආදී විෂයන් සම්බන්ධයෙන් එම පාඨමාලා හදාරා ඇති ඔහු පශ්චාත් උපාධි පාඨමාලාව හදාරා ඇත්තේ බ්‍රැඩ්ෆෝඩ් විශ්ව විද්‍යාලයෙනි.

සිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් චන්දන වික්‍රමරත්නයන් පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත්තේ 2023 වසරේ මාර්තු 25 වෙනිදාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහලේකම් අකිල ඉල්ලා අස්වෙන්න හදනවිට රනිල් කිව්ව දේ

Next Post

නාගරික මන්ත්‍රී නිතිඥවරයා මහ විරු දිනයට පහන් දල්වා ඡායා රූප මාධ්‍යයට දෙයි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.