ලලිත් චාමින්ද –
-
අතුරුදහන් වාහන වර්ථමානයේ හිමිකාරිත්වය ගැන කිසිම තොරතුරක් නෑ… විධිමත් ලෙස අපහරණය කළ බවට කිසිම සාක්ෂියකුත් නෑ…
-
2023 දෙසැම්බර් මස 31 දිනට අමාත්‍යංශයේ වාහන ලැයිස්තුවට හා වත්කම් ගිණුමට මෙම වාහන ඇතුළත් කරලත් නෑ…
ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති කාර් රථ 10ක්, කැබ් රථ 10ක්, ජිප් රථ 02ක් ,යතුරුපැදි 02ක් සහ , ලොරි රථයක්, අස්ථානගත වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.
වර්තමානයේ මෙම වාහන භාවිතා කරණු ලබන පාර්ශව පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට නොහැකිවී ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මෙම වාහන විධිමත්ව අපහරණය කළ බවට සාක්ෂි විගණනයට අනාවරණය වි නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.







