ලංකා කම්කරු කොන්ග්රසයේ මහනුවර දිස්ත්රික් සංවිධායක සහ උප සභාපති වශයෙන් කටයුතු කළ භාරත් අරුල්සාමි දමිල ප්රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් සභාපති වශයෙන් කටයුතු කරන ප්රජාතන්ත්රවාදි ජනතා පෙරමුණ සමග එක් වි ඇත.
භාරත් අරුල්සාමි මානව සම්පත් භාරයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කර ඇති අතර, ලංකා කම්කරු කොන්ග්රසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රි දිවන්ගත එස්.අරුල්සාමි ගේ පුත්රයාද වෙයි.
ප්රජාතන්ත්රවාදි ජනතා පෙරමුණ සමග එක් වු භාරත් අරුල්සාමි දමිල ප්රගතිශිලි සන්ධානය යටතේ මහනුවර දිස්ත්රික්කයෙන් මහ මැතිවරණයට තරග කිරිමට නාම යෝජනා භාර දිමට නියමිත බව දමිල ප්රගතිශිලි සන්ධානයේ නිලධාරියෙකු කියා සිටියේය.







