සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝසි පැද්ද පෝෂ් එක ශාවස්ත්‍රියේ පුස් කකා තිබුන, වැස්සට තෙමෙන මහ පාරේ කඩා වැටුන ලදරමක්ලු… රෝසි කරුණු කියයි!

by editor
ඔක්තෝබර් 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ගේ තනතුරට හිමි නිල වාහනය වශයෙන්  දුන් වාහන 08ක්   කැඩී යද්දී  ශාවස්ත්‍රියේ පුස් කකා තිබෙන විට රැගෙනවිත් ජනාධිපති කාර්යාලයේ වාහන පරිපාලන අංශය විසින් ලබා දුන් Porsche Cayenne S වර්ගයේ රථය අධි සුඛෝපභොගී රථයක් නොව, නිසි ආකාරව නඩත්තු නොකළ වහලයෙන් සහ දොරවල්වලින් තෙමෙන යන අතර තුර මහ මග කඩාවැටුන ලදරමක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකවරියක ලෙස කටයුතු කළ හිටපු නගරාධිපති රෝසි සේනානයක අද (02) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා   ප්‍රකාශ කළාය.

මේ රථය ලංකාවට ගෙන්වනු ලැබුවේ කවරෙක් විසින්දැයි තමන් නොදන්න බව ද ඇය ප්‍රකාශ කළාය. නිසි නඩත්තුවක් නොමැතිව තිබූ එම රථය අඩුම තරමින් අවුරුදු 10කට වඩා පැරණි බව ද ඇය පැවසුවාය.

අධික ඉන්ධන වැයවන මේ රථය අවස්ථා දෙකකදි තමන් විසින් ප්‍රතික්ෂේප කළ බවත්, අවසානයේ දී කිරිමණ්ඩල මාවතේ මග රථය කැඩි නැවතුන විට එය එම ස්ථානයෙන්  ඉවත් කළේ වාහන ප්‍රවාහනය කරන රථයක් ආධාරයෙන් බවත් කී රෝසි සේනානයක මේ රථය මග කඩා වැටීමෙන් පසු තමන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වාහනයක් ඉල්ලුවේ නැති බව කීවාය.

ඇය කළ කරුණු පැහැදිලි කිරීම මෙසේය.

මට පලාත් පාලන ආයතන අංශය සම්බන්ධයෙන් මට ජනාධිති තුමාගෙ උපදේශක හැටියට තනතුරක් එතුමා ලබා දුන්නේ ගිය අවුරුද්දේ 2023 මැයි මාසේ. මම ඒ තනතුරු භාරගත්තේ ජූනි මාසෙ 01 වැනිදා.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ඒ භාරගත්ත අවස්ථාවේදි මට නිල වශයෙන් වාහනයක් ලබා දුන්නා. ඒ වාහනය පෝෂෙ වර්ගයේ වාහනයක් නම් නෙමෙයි. ඒ වාහනය KI-3159 කියන ජීප් රථයක්. ඔය ජීප් රථය ටික කාලයක් පදිනකොට ඒක කැඩුනා. කැඩුනම ඒ වාහනය නැවත ජනාධිපති කාර්යාලයට භාර දුන්නම ඒ වෙනුවට මට තව  වාහනයක් දුන්නා. ඒ KD-6376 කියන නිසාන් ජීප් එක.

මේ වගේ 2023 අවුරුද්ද පුරාවටම  දුන්න හැම වාහනයක්ම අක්‍රීය වෙලා කැඩිලා ප්‍රශ්න ඇතිවෙලා ඒවා භාරදුන්නා.  ඒ අතරවාරයේ විවිධ අවස්ථාවලදි මට විවිධ වාහන දුන්නා. මම කිසි ප්‍රශ්නයක් නැතිව මට කරන්න තිබුණ රාජකාරිය ඒ ආකාරයෙන්ම කරගෙන ගියා.

මේ අතරෙ 2024 පෙබරවාරියේ මට එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා මට මුකුත් දීගන්න බැරිව ප්‍රශ්නයක් ඇති වුනා වාහන කැඩුනම. GD-7483 කියන නිසාන් වර්ගයේ ජීප් රථය කැඩිච්ච අවස්ථාවේ දී ඒ ගොල්ලන්ට වාහනයක් හොයා ගන්න බැරිව ශාවස්ත්‍රියේ  පුස් කකා තිබිච්ච ඔය පෝෂ් රථය ගෙනත් මට භාර දුන්නා. මම ඒක පෝෂ් ද මොකක් ද කියන එක දන්නේ නෑ. එදා මට රැස්වීම් ගණනාවක යන්න තිබ්බා. මම ඕකට නැගලා ගියාම ඒක මගදි නැවතුනා.

ආයෙ කොහොම හරි රියදුරා ස්ටාට් කරගෙන ගෙනිච්චම ජනාධිපති කාර්යාලයේ වාහන සම්බන්ධයෙන් කටයුතු කරන අධ්‍යක්ෂ තුමාට කතා කරලා කිව්වා මේ වාහනය නම් මට එපා. මේක ගන්න, මට වෙන එකක් දෙන්න කියලා.

මැඩම් එක්ක හොයලා දෙනකම් ඕක තියාගන්න කිව්වා.  මමත් ඉතින් සද්ද නැතිව ඕක තියා ගත්තා. හැබැයි ඒ අතරතුර මට තේරුනා මේ වාහනයට අධික ලෙස ඉන්ධන වැය වෙනවා කියන එකත්.

ඒ නිසා මම නැවත වාරයක් අධ්‍යක්ෂ තුමාට කිව්වා මට මේක එපා කියලා මම බාර දුන්නා. බාරදුන්නාම මට කිව්වා ටික කාලයක් තියාගන්න. වාහන නෑ. වාහනයක් හොයලා දෙනකම් කියලා.

මම සමහරවිට ඒක පැද්දෙත් නෑ. මගේ පෞද්ගලික වාහනය තමයි ගොඩක් ගමන් බිමන් ගියේ. එක දවසක් ඕක පදිනකොට කඩන් වැටුනා මහ පාරේ. ඊට පස්සේ ඒක නැවත වාරයක් ජනාධිපති කාර්යාලය භාර ගත්තා. මම හිතන්නේ අප්‍රේල් නැතිනම් මැයි මාසේ වාගේ. අරගෙන වෙන වාහනයක් ඒකටත් දුන්නා මට. KB -6376  වගේ වාහන 08ක් මේ කාලයේදි මට මාරු කරගෙන දුන්නා.

මේ පෝෂ් රථය ඇත්තටම කියනවා නම් දොරවල් අරින්න බැරි ඩිකියෙ දොර කවදාවත් අරින්න බැරි සන් රූෆ් එක වේයො කාපු වහිනකොට රියදුරාගෙ පැත්තෙ දොරෙනුයි. ඉස්සරහා දොරෙනුයි වතුර ගලන අන්තිමටම, මම හිතන්නේ හරියට මේන්ටේන් නොකරපු වාහනයක්.

මම මේක එපාම කියලා දුන්නා. දෙවැනි සැරෙත් ආපහු මට ඕක දුන්නම කිරිමණ්ඩල මාවතේ දි මහ මග නැවතුනා. නැවතිලා ආපහු ස්ටාර්ට් කරන්න බැරි වුනා. මම ත්‍රීවිල් එකක නැගලා යන්න තිබුණ ගමන ගියේ. ඒ වෙලාවේ ඒ අයට මේක ස්ටාර්ට් කරලා ගෙනියන්නම බැරි තත්ත්වයක තිබිලා ඒක වාහනයක දාගෙන ගෙනිහින් තිබ්බේ. එදයින් පස්සේ මම ආයෙ ජනාධිපති කාර්යාලයෙන් වාහනයක් ඉල්ලුවෙ නෑ. මම මගේ පුද්ගලික වාහනේ පැද්දෙ.

මේ වාහනේ මම දන්නේ නෑ කවුද මේ රටට ගෙනාවෙ කියලා. නමුත් මම ඉල්ලා සිටිනවා සොයා බැලීමකින් තොරව කාන්තාවන්ට දේශපාලනය එපා කරන මඩ ගහන්න එපා කියලා. රෝසී සේනානායක පැවසුවාය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රයාලයේ ශ්‍රී ලාංකිකයින්ට කිසිම අනතුරක් නෑ… තානාපති කාර්යාලය තහවුරු කරයි.!

Next Post

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා රජය  ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.