කීර්ති ප්‍රනාන්දු –
ඉන්ධන මිල දැනෙන ලෙස අඩු වී තිබේ. සංශෝධිත මිල ගණන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.
- ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 21කින් අඩු කර තිබේ. ලීටරයක පැවති මිල රුපියල් 332කි. සංශෝධිත නව මිල රුපියල් 311කි.
- ලංකා සුදු ඩිසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු වී තිබේ. ලීටරයක පැවති මිල රුපියල් 307කි. සංශෝධිත නව මිල රුපියල් 283කි.
- ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක මිල රුපියල් 33කින් අඩු වී ඇත. පැවති මිල රුපියල් 352කි. නව මිල රුපියල් 319කි.
- ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු වී තිබේ. පැවති මිල රුපියල් 202කි. නව මිල රුපියල් 183කි.
කෙසේ වෙතත් ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 මිල සංශෝධනය වී නැත. එහි පැවති මිල රුපියල් 377 ඒ අයුරින්ම නොවෙනස්ව පවතී.
IOC සමාගම ද සංශෝධිත මිල ගනන් යටතේ ඉන්ධන අලෙවි කරන බව පවසයි.








