හිටපු ජනාධිපතිවරයාගේ උපදෙශකවරියක ලෙස කටයුතු කළ කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක වෙත පෝෂෙ කයෙන් එස් ( PORSCHE CAYENNE S) වර්ගයේ අධි සුඛෝපභෝගී රථයක් ලබාදි තිබීම මේ වනවිට සංවාදයට බඳුන් වි තිබේ.
පරිහරණය කරන්නාගේ පිරිවිතරයන්ට අනුව විශේෂී තත්ත්ව යටතේ නිශ්පාදනයවන මෙවැනි රථ බටහිර රටවල පවා ඉහළ ආර්ථිකයක් සහිත ධනවතුන් විසිනි.
රෝසි සේනානයක වෙත ලබා දී තිබූ PORSCHE CAYENNE S රථය පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුර තොරතුරු දක්වානැත. එහෙත් මෙවැනි අධි සුඛෝපභෝගී රථ ජනාධිපතිවරයාගේ උපදේශකවරුන් ලෙස පත් කර ගත් ඔහුගේ හිතවතුන් හිතවතියන්හට අතාර්කිකව බෙදා දීම පිළිබඳව ප්‍රශ්න කිරීම ඇරඹී තිබේ.
2012 වසරේ නිශ්පාදනය කළ PORSCHE CAYENNE S වර්ගයේ රථයක මිල ශ්‍රි ලංකා වෙළෙඳපළේ රුපියල් ලක්ෂ 210 ඉක්මවන අතර 2022 වසරේ නිශ්පාදිත එම වර්ගයේ රථයක වටිනාකම රුපියල් ලක්ෂ 320 ඉක්මවා යයි.







