සොරකම, වංචාව, දූෂණය හා නාස්තිය වළක්වා දියුණු ආර්ථිකයක් මෙන්ම දියුණු සංස්කෘතික මිනිසුන් හදන වැඩපිළිවෙළ මධ්‍යම පළාතෙන් ආරම්භ කළ හැකි බවත් ඊට එක්වන ලෙසත් මධ්‍යම පළාත් නව ආණ්ඩුකාර මහචාර්ය සරත් අබේකෝන් නිලධාරීන්ගෙන් මෙන්ම ජනතාවගෙන් ද ඉල්ලා සිටියේය. .
නව ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (27) සිය නව තනතුරේ වැඩභාර ගන්නා ලද අවස්ථාවේදීය.
පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ විසින් නව ආණ්ඩුකාරවරයා පිළිගන්නා ලද අතර ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල හමුවේ වැඩ භාර ගැනීම සිදුකරන ලදි.
වැඩ භාර ගැනීමෙන් පසු සිය නිලධාරී මඩුල්ල ඇමතූ ආණ්ඩුකාරවරයා, මෙසේ ද කීවේය.
අධ්‍යාපනය මගින් කොතරම් දියුණූ මිනිසුන් නිර්මාණය කළත් එම මිනිසුන් සංස්කෘතික මිනිසුන් බවට පත් නොවන්නේ නම් සමාජය පරිහානියට පත්වනවා.
ශ්‍රී ලංකාව නිදහස ලබන අවස්ථාව වන විට ජපානයේ ඒක පුද්ගල ආදායමට සමාන ආර්ථීක දියුණුවක් ලබා සිටි නමුත් අද වන විට එය විශාල පරතරයක් දක්වා වෙනස් වී තිබුණා. ඉකුත් දශක හතක කාලය තුළ ශ්‍රී ලංකාව භෞතික වශයෙන් පුළුල් වුවත් ආධ්‍යාත්මක වශයෙන් පුද්ගලයන්ගේ වර්ධනයක් දක්නට නොලැබෙන බව රහසක් නෙවෙයි .
උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගෙන් සුළු ප්‍රතිශතයක් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබුණත් ඔවුන් වෙනුවෙන් විශ්ව විද්‍යාලයක් නොදැකපු පරම්පරාව පවා බදු ගෙවමින් වියදම් කරනවා . ඒ සියලු ජනතාව වෙනුවෙන් සේවය කිරීම අප සියලු දෙනා සතු වගකීමක් හා යුතුකමක්.







