ජනපති අනුර මීට ස්වල් වෙලාවකට පෙර මල්වතු මහා නා හිමියෙන් බැහැ දැක ආශීර්වාද ලබා ගත්තේය.
මල්වතු මහා නායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතා ඔවුන් ඇසූ ප්‍රශ්න කීපයකට පිළිතුරු දෙමින් පැවසුවේ ජනතාව තමන් වෙනුවෙන් තැබූ විශ්වාසය ආරක්ෂා කරන වැඩ පිළිවෙළ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකවන බවය.
පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ කවදා ද යන පැනයට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ සිදුවිය යුතු මුල්ම අවස්ථාවේ දී එය සිදුවන බවය.
” කබල වෙන්න එපා. අපේ එකම බලාපොරොත්තුව රටේ ජනතාව බලාපොරොත්තු වුන ආර්ථික සංවර්ධනයක් පිබිදීමක් ඇති කරන නව වැඩ සටහනකට යන එක.
ඒක හිතන තරම් ලේසි නෑ. නමුත් අපි ඒ අභියෝග සියල්ල භාරගෙන ජනතාව බලාපොරොත්තු වූ රට ඇති කිරීමට කටයුතු කරනවා. ඒ නිසා ලිහලා බලන්නතියන මල්ල ඔබලා බලන්න යන්න එපා…” ජනාධිපති අනුර දිසානායක පැවසුවේය.







