දියසේන රතුගමගේ –
ඉලංකෙයි තමිල් අරුසු කච්චි ( ITAK ) පක්ෂයේ සම්මුතියට එරෙහිව ජනාධිපතිවරණයේදී මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කළ බවට තොරතුරු හෙළිවීමත් සමගම පක්ෂය තුළ අද ( 22 ) යළිත් වරක් අර්බූදයක් හටගෙන තිබේ.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය පක්ෂයක් වශයෙන් මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට ඡන්දය ප්‍රකාශ කළ යුතු බවට තීරණයක් ගෙන සිටියදී මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා මනාප වශයෙන් දෙදෙනෙකුට ඡන්දය ප්‍රකාශ කොට ඇත.
යාපනයේ මාධ්‍යවේදීන් හිටපු මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ තමන් සජිත් ප්‍රේමදාස ට මෙන්ම රනිල් වික්‍රමසිංහ ටද ඡන්දය ප්‍රකාශ කළ වගයි.
නමුත් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා මනාප තුනක්ම අපේක්ෂකයින් තුන් දෙනෙකුට ලබා දුන් බවට වෙනත් ආරංචි මාර්ග වල සඳහන් වෙයි.
එම පක්ෂයේ සෙසු මන්ත්‍රීවරු පවසා සිටින්නේ එකම පක්ෂයේ පිරිස මධ්‍යම කාරක සභාවේදී හා විධායක කමිටු රැස්වීමේදී ගන්නා ලද තීන්දු තීරණ කඩ කිරීම බරපතල ප්‍රශ්නයක් බවයි.
ඉදිරියේදී තවත් මැතිවරණ දෙකක්ම පැවැවැත්වීමට නියමිතව තිබියදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයින් වගකීමකින් හා එකඟතාවලින් පරිබාහිරව කටයුතු කිරීම බරපතල ප්‍රශ්නයක් බවද මන්ත්‍රීවරුන් කීප දෙනෙකු ප්‍රකාශ කොට තිබේ.
මෙම තොරතුරු හෙළිදරව් වීමත් සමගම පක්ෂය තුළ විශාල අර්බූදයක් ගොඩනැගී ඇති අතර මේ ගැන පක්ෂයේ නායක එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගෙන් විමසූවිට ඔහු කියා සිටියේ මේ පක්ෂයේ සිටින කිසිම මන්ත්‍රීවරයෙකු පිළිබදව විශ්වාසයක් තැබිය නොහැකි තරමට ඔවුන් පිරිහී සිටින බවයි.







