වන්නි දිස්ත්‍රික්කයේ දේශපාලනය දකුණට වඩා වෙනස්ය. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය වන්නියේ දේශපාලනයෙහි ගාමක බලවේගය ලෙස හැසිරෙයි. එම පක්ෂය සජිත් ප්‍රේමදාස වෙත සිය සහයෝගය පල කරන අතරම අනුර කුමාර දිසානායක සමග වැඩ කිරීමට එකඟ බව පල කළේය. එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ගේ පුද්ගලික කැමැත්ත තිබුණේ රනිල් වික්‍රමසිංහට ය.
එම දේශපාලන හැසිරීමේ ප්‍රතිඵල වන්නියේ තැපැල් ඡන්දයෙන් රූපිතය. තැපැල් ඡන්දයේ ජයග්‍රාහකයා සජිත් ප්‍රේමදාස ය.
- සජිත් ප්‍රේමදාස ලැබූ ඡන්ද ප්‍රමාණය ඡන්ද 4,899කි. ප්‍රතිශතයක් ලෙස 38.38%කි.
රනිල් වික්‍රමසිංහ 4257කි. ප්‍රතිශතයක් ලෙස 33.35%කි.
අනුර කුමාර දිසානායක 2092කි. ප්‍රතිශතයක් ලෙස 16.38කි.
දෙමළ පොදු අපේක්ෂක අියනේත්රන් පාක්‍යසෙල්වම් ඡන්ද 1160කි. ප්‍රතිශතයක් ලෙස 9.09%කි







