කිර්ති ප්රනාන්දු –
මෙවර ජනාධිපතිවරණ ඡන්දයේ දී අද උදෑසන 10 වනවිට ගම්පහ දිස්ත්රික්කයේ සමස්ථ ඡන්ද දායකයින්ගෙන් ඡන්දය ප්රකාශ කර ඇත්තේ 25% ක ප්රතිශතයක් බව මැතිවරණ නිරීක්ෂණ අංශ සඳහන් කරයි.
සමස්ථයක් ලෙස පසුගිය මැතිවරණවලට සාපෙක්ෂ්ව මෙම මැතිවරණයේ දී උදෑසන පැය තුනක කාලය තුළ ඡන්දය ලබාදීමේ කැපී පෙනෙන අඩුවක් පැවතුන බව ද ඔවුහු පෙන්වා දෙති.
දිවයිනේ වැඩිම ඡන්ද දායකයින් ප්රමාණයක් ලියාපදංචි වී සිටින්නේ ගම්පහ දිස්ත්රික්කය තුළය.
ඡන්ද විමසීම යම් ඇල්මැරුණු ස්වරූපයකින් පවතින්නා සේම ඡන්ද නීති උල්ලංඝණය කිරිම් මැරකම් ඇතුළු වෙනත් මැතිවරණවලදී ප්රකට වුන ගැටුම් කාරි තත්ත්වයන් විශාල ලෙස අඩුවී ඇති බව ද නිරීක්ෂණය වී තිබේ.
කෙසේ වෙතත් ඡන්දය ප්රකාශ කිරීමේ මේ ස්වරූපය ඉදිරි පැය කීපය තුළ දී වෙනස් වීම අපේක්ෂා කළ හැකි බව ගම්පහ දිස්ත්රික් තේරීම් භාර නිලධාරීවරයා පවසයි.







