බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණ උණුසුම මැද රට පුරා පාතාල ඝාතන රැල්ලක්… පැය 24ක් තුළ වෙඩි තැබීම් 3යි… ඝාතන 04යි… තුවාල 02යි…

by editor
සැප්තැම්බර් 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ ප්‍රමුඛ මැතිවරණයක් සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි අවධානය ඒ සඳහා යොමුවෙද්දි පාතාල ඝාතන රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් තිබේ.

පසුගිය පැය 24 තුළ සිදුකළ සිව්වන වෙඩි තැබීමත් කුරුණෑගලින් වාර්තා විය . කළුබෝවිල, තංගල්ල, මිදිගම සහ කුරුණෑගලින් වාර්තාවන මෙම වෙඩි තැබීම් දාමයෙන් පුද්ගලයින් තිදෙනෙක් ඝාතනය වී ඇත. දෙදෙනෙක් තුවාල ලබා සිටිති.

කළුබෝවිල ඝාතනය

මෝටර් සයිකලකය පැමිණි කුලී ඝාතකයින් දෙදෙනෙක් ඊයේ (18) රාත්‍රියේ 10.45ට පමණ කළුබෝවිල සරණංකර පාරේ හෝටල් හිමිකරුවෙකුව හෝටලය තුළ වෙඩි තබා මරා දැම්මේය.

මෙසේ ඝාතනය කර තිබුණේ දෙහිවල කළුබෝවිල සරණංකර පාරේ පිහිටි ස්ටාර් හෝටලයේ හිමිකරු වූ කළුබෝවිල කඩවත පාරේ පදිංචිකරුවෙක්වූ නායගම් විශ්වනාදන් නැමැත්තෙකි.

යතුරු පැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනාගෙන් අයෙක් හෝටලය තුළට ගොස් හෝටල් හිමිකරුට වෙඩි තබා යතුරුපැදියේ නැගී පාමංකඩ දෙසට පලා ගොස් තිබේ.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ඝාතකයින් පැමිණියේ යැයි සැකකර ඩිස්කවරි වර්ගයේ යතුරුපැදියක් හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය අසල දමා ගොස් තිබිය දී අද අළුයම කොහුවල පොලිසියේ විමර්ශන කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.

වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඝාතනය වූ පුද්ගලයා දැනට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධකරුවෙක් වූ කොම්පඤ්ඤගේ චානක අසංක පොන්සේකා හෙවත් බඩෝවිට අසංකගේ සමීප හිතවතෙක් බවය.

එමෙන්ම මීට දින 04කට පෙර ගල්කිස්ස, බඩෝවිට හතරවන අදියරේ සිය නිවස ඉදිරිපිට දී ඝාතනය වුන තරිඳු මධුෂාන් සුවාරිස් (31) නැමැත්තාගේ නිවසට දිවා ආහාර 450ක් ඊයේ මෙම හෝටල් හිමිකරු විසින් සපයා ඇති බව ද විමර්ශන අංශ හෙළි කරගෙන තිබේ.

කළුබෝවිල ඝාතකයින් පැමිණි යතුරුපැදිය…

තංගල්ල නලගම

එමෙන්ම ඊයේ තංගල්ලේ නලගම ප්‍රදේශයේදී වෙඩිවැදුණු බවට සැක කෙරෙන තුවාල සහිතව මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබිණි.

පොලීසිය සඳහන් කළේ ඊයේ (18) රාත්‍රියේදී මෙම පුද්ගල මළසිරුර හමුවී ඇති බවය.

මියගොස් ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙකි.

මිදිගම ගොවියාපාන

මේ අතරතුර අද (19) උදෑසන මිදිගම පොලිස් වසමේ ගොවියාපාන ප්‍රදේශයේ මාළු වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබිණි. එම ඝාතනය සිදුකර තිබුණේත් යතුරුපැදියකින් පැමිණි කුලී ඝාතකයින් දෙදෙනෙකු විසිනි.

වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, 38 හැවිරිදි කැලුම් චතුරංග නැමති මාළු වෙළෙන්ඳෙකි. ඔහු 2022 අගෝස්තු මස 04 දා ගොවියාපාන ප්‍රදේශයේ හෝටලයක් තුළ දී විජේසේකර ගමාච්චිගේ අමිල සඳරුවන් නැමැති අයගේ සොයුරාය.

මෙම පුද්ගල ඝාතනයට සිදුකළ වෙඩි තැබීමේ දී මාළු ලබාගැනීමට පැමිණි 38 හැවිරිදි සහ 72 හැවිරිදි පුද්ගලයින් වෙඩි වැදී තුවාල ලබා මාතර මහ⁣රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

මෙම ඝාතනය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මිදිගම චූටි නැමැත්තා විසින් මෙහෙයවනු ලැබූ අපරාධයක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.මේ සම්බන්ධයෙන් මිදිගම පොලිස් ස්ථානය මඟින් පරික්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

කුරුණෑගල රස්නායකපුර

තවද අද උදෑසන කුරුණෑගල රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මිය ගියේය.

පොලීසිය පැවසුවේ නාඳුනන වෙඩික්කරුවෙක් විසින් අද (19) උදෑසන එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

පොලිස් වාර්තාවලට අනුව මියගිය පුද්ගලයා අවන්හලක් තුළ සිටියදී වෙඩි තබා ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආහාර විෂ වී බකමූණ ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 500ක් රෝහල්ගත කරයි!

Next Post

මිනුවන්ගොඩ පොලිසිය අධිකරණ නියෝග දෙකක් පැහැර හරී… වහ දමා කෙස් සිඳින මිනුවන්ගොඩ සැලොන් එකෙන් මිනුවන්ගොඩ පොලිසියටත් අමුතු සත්කාරයක් කරල ද?

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.