සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත්ට සපෝට් කළැයි චෝදනාලත් ජනාධිපති අපේක්ෂක ප්‍රේමසිරි මානගේ ගෙන් මැතිවරණ කොමිසමට එරෙහිව  තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක්!  

by editor
සැප්තැම්බර් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

සජිත් ප්‍රේමදාසට ප්‍රසිද්ධියේ සහයෝගය දෙන බවට චෝදනා ලැබ සිටින ජනාධිපති අපේක්ෂක ප්‍රේමසිරි මානගේ මැතිවරණ කොමිසම විසින් තමන්ගේ මානව හිමිකම් කඩ කරන බවට චෝදනා කරමින්    අද (17) දහවල් 1.30ට පමණ තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

මෙලෙස තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ල ගොනු කර   දික්වැල්ල,කෝට්ටගොඩ,සාගර ලිපිනයේ පදිංචි මරක්කල මානගේ ප්‍රේමසිරි  මුලින්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනඥයෙක් ලෙසත් අනතුරුව පොදු පෙරමුණට සම්බන්ධ දේශපාලකයෙක් ලෙසත් කටයුතු කරමින් සිට මෙවර ස්වාධීන  අපේක්ෂකයෙක් ලෙස කටයුතු කරමින් මැතිවරණ ආචාර ධර්ම උල්ලංඝනය කරන ආකාරයට සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රවර්ධනය කළ බවට මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබී තිබුණ බව වාර්තා වී තිබිණි. 

කෙසේ වෙතත් ප්‍රේමසිරි මානගේ පවසන්නේ මැතිවරණ කොමිසම විසින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් තමන් පසුපස හඹා එන බවය.  ඔහු පැමිණිල්ල ගොනු කරමින් කියන්නේ අද (17) දින තමන් පන්නෙගමුව ප්‍රදේශයේ සංචාරයක නිරත වු අතර, එහිදි එම ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් හමුවූ බවය. එම  පිරිස වචන කිහිපයක් කතාකර යන ලෙස තමන්ගෙන් ඉල්ලීමක් කළ බැවින් එය ප්‍රථික්ෂේප කළ නොහැකි නිසා  තමන් ඔවුන් හමු වි මද වේලාවක් කතාකර එම ස්ථානයෙන් පිටව ගිය බව ඔහු පැමිණිල්ලේ සඳහසන් කර ඇත. 

එමෙන්ම තමන් එම ස්ථානයෙන් පිටව ගිය පසු එම ස්ථානයට පැමිණ ඇති හම්බන්තොට මැතිවරණ කාර්යාලයේ නිළධාරීන් දෙදෙනෙකු හා පොලිස් නිළධාරීන් දෙදෙනෙකු   තමා අපරාධකරුවෙක් ලෙස  හැඟවෙන පරදි තමා  පිළිබදව විමසා ඇතැයි ද ඉන් තම  කීර්ති නාමයට බලවත් හානියක් සිදුකර ඇති බැවින්  එය මානව හිමිකම් උල්ලංගණය කිරිමක් යැයි ද  ප්‍රේමසිරි මානගේ සිය  පැමිණිල්ලේ වැඩි දුරටත් දක්වා තිබේ.

මැතිවරණ නිළධාරීන් පැමිණ එළෙස ප්‍රශ්න කිරීම හමුවේ එම අවස්ථාවේ එහි සිටි ජනතාවද භීතියට පත්ව ඇති බව ඔහු පවසයි.

RelatedPosts

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

තවත් අයෙකු මේ අයුරින් අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කිරීමට මැතිවරණ නිළධාරීන්ට කිසිදු අයිතියක් නොමැති  කියන මානගේ  ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තමන්ට තවත් කෙනෙකුගේ මනාපයක් ඉල්ලා සිටීමේ අයිතියක් ඇති පැමිණිල්ලෙන් අවධාරණය කරයි.

 ජනාධිපති ධූර  අපේක්ෂක ප්‍රේමසිරි මානගේ   මැතිවරණ කොමිසමේ හම්බන්තොට සහකාර කොමසාරිස්වරයා  මේ ආකාරයෙන් තමාගේ පස්සෙන් පැන්නීම   නතර කර දෙන ලෙසත් මෙම පැමිණිල්ලෙන්  වැඩිදුරටත් ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් අප හම්බන්තොට මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානයෙන් සිදුකළ විමසීමකදි පැවසුවේ පැමිණිල්ලක් සිදුකල බව කියන අපේක්ෂකයා දිගින් දිගටම මැතිවරණ ආචාර ධර්ම කඩකිරිම සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයකට අදාලව ඔහු හමුවට ගිය නමුත් ඔහු හමුවිය නොහැකි වු බවය.

පැමිණිල්ලට අනුව කටයුතු කිරීමෙන් පුද්ගලයෙකුට  කිසිදු අපහාසයක් හෝ ඔහුගේ මානව හිමිකම් කඩ කිරිමක් සිදු නොවන බව හම්බන්තොට මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙයි. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුළු ජාතික ඡන්දවලට කෑදරකමේ රෙගුලාසි වෙනස් කරන්න යන පිරිස් ජනාධිපති ධූරයට පත් නොකිරීම ජනතාවගේ වගකීමක්! ෆොන්සේකා කියයි…

Next Post

විලි ලජ්ජයි උපුල් තරංග… ඔයාලා ඩිල්ශාන්ගෙ දුව 19න් පහළ කණ්ඩායමට තෝරපු තියරි එක කියන්න පුලුවන් ද?

Related Posts

පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!
  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.