සූරියවැව නුවන් ජයසේකර –
සූරියවැව වල්පසුගල යෝජිත වන අලි කළමනාකරණ සැළැස්ම ක්‍රියාත්මක නොකිරීමෙන් අලි මිනිස් ගැටුමට මැදි වු එම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සියළු නීති සහාය හා වන අලි කළමනාකරණ රක්ෂිතය ක්‍රියාවට නැංවිම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් සිය පූර්ණ මැදිහත් වීම ලබා දීමට කටයුතු කරන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා නිතීඥ නිල්මල් වික්‍රමසිංහ පැවසුවා.
වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද සමරවික්‍රම ඇතුළු ගොවි ජනතාව විසින් පරිසර යුක්ති කේන්ද්‍රයෙන් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ නියෝජිතයින් පිරිසක් පසුගිය දින සූරියවැව වල්සපුගල ප්‍රදේශයට පැමිණ අලි මිනිස් ගැටුම පිළිබඳව සිදුකළ සොයා බැලීමකින් අනතුරුව ඇය මේ බව පැවසුවාය.

“හම්බන්තොට වල්සපුගල යෝජිත වන අලි කළමනාකරණ සැලැස්ම ක්‍රියාවට නැගීම පමා කිරීම නිසා අද වන විට මේ ප්‍රදේශයේ ජනතාව මෙන්ම ගොවීන්ද ගැටලු රැසකට මුහුණු දි තිබෙනවා. දිනෙන් දින මෙම සැළැස්ම ක්‍රියාවට නැංවිම ප්‍රමාද වීම හේතුවෙන් සිදුවන අලි මිනිස් ගැටුම මේ ප්‍රදේශයේ දැඩි ලෙස උග්‍ර වී තිබෙනවා.”
“ඒ විතරක් නෙමේ මෙම වන අලි කළමනාකරණ සැලැස්ම ක්‍රියාවට නැගීම සඳහා යෝජිතව ඇති වන ඉඩම් ටික පවා මේ වන විට විවිධ පුද්ගලයින්ට බදු පදනම යටතේ විවිධ පාර්ශව වෙත ලබා දිම නිසා එම භූමි ප්‍රමාණයද අඩු වෙමින් තියෙනවා. වන අලි ප්‍රහාර හමුවේ අසරණව සිටින මේ ගොවි ජනතාවට කාගෙවත් පිහිටක් නැතිව තියෙනවා. ඒ නිසා අප පරිසර යුක්ති කේද්‍රය විදියට මේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සියළු නිති සහාය ලබා දිමටත් ඒ වගේම මෙම අලි කළමනාකරණ රක්ෂිතය ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීම සදහා අවශ්‍ය සියළු නිති සහායත් ලබා දීමට අප කටයුතු කරනවා.”
“ලංකාවේ අලි මිනිස් ගැටුම නිසා අලි වගේම ගොවි ජනතාවත් දැඩි ලෙස පිඩාවට පත්ව තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව 2012 වසරේ සිට 2016 වසර දක්වා වු වසර 05ක කාලය තුළදි විතරක් වන අලි මරණ 1173 ක් වාර්තා වෙනවා. ඒ මරණ අතර වන අලි 195 මිය ගොස් තිබුණේ හක්කපටස් නිසාවෙනුයි.”
“ඒ වගේම අලි මිනිස් ගැටුම නිසා මිය ගිය මිනිස් ජීවිත ප්‍රමාණය 321 ක් වසර පහ තුළදි පමණක්. 2016 සිට මේ දක්වා මියගොස් ඇති වන අලි මරණ හා මිනිස් ජිවිත ප්‍රමාණය මිට වැඩියි. මේ නිසා වන අලි ගැටළුවට කඩිනම් විසදුමක් ලබා දිය යුතුමයි. “
“මේ සූරියවැව ජනතාව කියන්නේ අලි මේ පැත්තෙන් එළවන්න කියලා නෙමේ. මේ මිනිස්සු කියන්නේ අලි ඉන්න කැලේ අලින්ට දෙන්න කියලයි. මේ වන විට වල්සපුගල අලි වෙනුවෙන් වෙන්කර තිබෙන රක්ෂිතයේ අලි වෙනුවට දැන් ඉන්නේ විවිධ ඉඩම් මංකොල්ල කරුවන්. ඒ නිසා අලි මිනිස් ගැටුම උග්‍ර වෙලා තියෙනවා. මේ සදහා තමයි අපි ඉදිරිපත් වුණේ” යැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා නිතීඥ නිල්මල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසුවාය.







