හැටන් රංජිත් රාජපක්ෂ –
සමගි ජන බලවේගයේ අත්පත්‍රිකාවක් භාර ගැනිම ප්‍රතික්ෂේප කල මාලිමාවේ ආධාරකරුවෙකුට සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව විසින් පහර දෙන අයුරු එම වෙලදසැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරාවේ සටහන් වී ඇත.

නාවලපිටිය නගර මධ්‍යයේ ඔරලෝසු අලුත්වැඩියා කරන වෙලඳසැලේ හිමිකරුගේ පුත්‍රයාට මෙසේ පහර දි ඇති අතර, මෙම පහරදිම සිදු කර ඇත්තේ ඊයේ (15) දින උදෑසන 11 ට පමණය.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස ගේ ජයග්‍රහණය වෙනුවෙන් එම පක්ෂයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව ඔහුගේ ආධාරකරුවන් පිරිසක් සමග එම වෙලදසැල තුළට පැමිණ තරුණයාට අත්පත්‍රිකාවක් ලබාදි ඇති බවත්, එම අවස්ථාවේ අත්පත්‍රිකාව ලබා ගැනීම තරුණයා විසින් ප්‍රතික්ෂේප කිරිම නිසා එයට උරණ වු සංවිධායකවරයා තරුණයාට පහරක් දී පසුව ඔහුගේ අතින් අල්ලා තර්ජනය කරන අයුරු ආරක්ෂිත කැමරාවේ සටහන් වී ඇත.

සසංක සම්පත් සංජිව විසින් එම තරුණයාට පහර දිමෙන් පසු සංවිධායකවරයා සමග පැමිණි එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් මැතිවරණයෙන් පසු “අපි උඹ ගැන බලා ගන්නම්” යනුවෙන් පවසමින් තරුණයා තර්ජනය කර ඇත.

පහර කැමෙන් පසු එම තරුණයා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් වි ප්‍රතිකාර ලබා එම රෝහලේ පොලිසිය වෙත ඔහුගේ මතු ආරක්ෂාව උදෙසා පැමිණිල්ලක් කර අද (16) දින රෝහලෙන් පිටව ගොස් ඇත.
පහර කැමට ලක් වු තරුණයාගේ වෙළඳසල (16) දින වසා දමා තිබෙන අයුරු දක්නට ලැබුණි.








