සජිත් ප්‍රේමදාස කම්පියුටරයක් පාසලකට දී එම වැඩසටහන සක්වල ලෙස නම් කර රට වටේ රැස්වීම් තියමින් ඇවිදිනවා නම් රටේ විශ්විද්‍යාල 13ක තාක්ෂණික අධ්‍යයන පීඨ නිර්මාණය කිරීමට බිහි කිරිමට මුල් වි කටයුතු කල තමන්ගේ වැඩේ පර සක්වල විය යුතු බව ජනමාධ්‍ය සහ මහාමාර්ග ඇමති බන්දුල ගුණවර්ධන අද පැවසුවේය.
පුලුවන් ශ්‍රි ලංකා ජන රැළි මාලාවේ ජනරැලියක් අමතමින් ඇමතිවරයා කීවේ මෙවැනි පුංචි මානසිකත්වයක් සහිත පුද්ගලයෙකුට රටක් පාලනය කළ නොහැකි බවය.
ඇමතිවරයා මෙසේ පැවසුවේය.
කිසිම විශ්වවිද්‍යාලයක මම විශ්විවිද්යාලෙ යන කාලේ ටෙක්නොලොජි ෆැකල්ටි එකක් නෑ. දැන් ලංකාවේ විශ්වවිද්‍යාල 13ක ටෙක්නොලොජි ෆැක්ල්ටීස් තියනවා.
මේ හැම එකක්ම විවෘත කරන්න මම ගියා නම් මම රැස්වීම් 1500ක් විතර තියලා මුලු ලංකාවේම කතා කරගෙන එන්ට ඕන හැබැයි අර යෝදයා කොම්පියුටර් එකක් දීලා ඒකට සක්වල කියලා කියනවා නම් මම කරපු එක පරසක්වල වෙන්ට එපැයි.
මෙහෙම පොඩි මානසිකයක් තියාගෙන රටක් කරන්නේ කොහොම ද?
ජනමාධ්‍ය සහ මහා මාර්ග ඇමති බන්දුල ගුණවර්ධන විමසුවේය.







