සජිත් ප්‍රේමදාස සිය දේශපාලන වේදිකාවේ ප්‍රධාන ප්රකාශනයක් ලෙස සිදුකරන රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක සම්බන්ධව පවතින බව කියන දේශපාලන ඩීල් එක සම්බන්ධ කතාවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (15) දීර්ඝ මෙන්ම පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේය.
ඒ ඊයේ (14) සිරස රූපවාහිනිය විසින් සංවිධානය කළ බලය වැඩසටහනට එක් වෙමිනි.
අනුර කුමාර දිසානායක එහිදී මෙසේ පැවසුවේය.
සජිත්ගේ වේදිකාවෙ කියනවා අනුර රනිල් ඩීල් එකක් ගැන. ඩීල් එකක් කියන්නේ දෙපැත්තට ලැබෙන්න ඕන. මම රනිල්ට යමක් දෙන්න දෙනවා. රනිල් මට යමක් දෙන්න ඕන. ඩීල් කියන්නේ මම විතරක් දෙනවා. එයා මුකුත් දෙන්නේ නෑ. එහෙම බෑ නේ.
මම කියනවා මම පෞද්ගලිකව හෝ අපේ දේශපාලන පක්ෂය හෝ රනිල්ගෙන් ගත්තු යමක් තියනවා නම් කියන්න.
මම කියන්නම් යමක් තියන තැන්. රනිල් වික්‍රමසිංහ බාර් පර්මිට් දුන්නා. සජබෙ මන්ත්‍රීවරු බාර් පර්මිට් ගත්තා. පුලුවන් නම් නෑ කියන්න. අන්න ඩීල්. මම ගාව තියනවා ලියුම්. ඒවා නෑ කියන්නේ නෑ තවම. ඇහුනෙ නෑ වගේ ඉන්නවා.
තව ඩීල් එකක් මම කියන්නම්. හන්තාන වත්තෙන් අක්කර 12යි රූට් ගණනාවක් කබීර් හසීම්ට දෙන්න කියලා රනිල් වික්‍රමසිංහ ලියුමකින් ලියලා දුන්නා. ලියුම මම ගාව තියනවා. ඊට පස්සේ කබීර් ජනාධිපති ලඟට ආවෙ නෑ. ආවෙ නැතිවුනාම දැන් ලියුමක් යවනවා කැන්සල් කරන්න කියලා. ඩීල් නෙවෙයි ද ඒවා. මම එන්නම්. මට ඉඩම දෙන්න… අන්න ඩීල්.
රනිල් වික්‍රමසිංහ උගන්ඩා යනකොට කිංස් නෙල්සන් අරන් ගියා. ඇමරිකාවෙ යනකොට මන්ත්‍රීවරයෙක් අරන් ගියා. ඩුබායි යනකොට මාන්නප්පේරුම අරන් ගියා. ආණ්ඩුවේ සල්ලි වලින්. අන්න ඩීල්.
අපි විපක්ෂ මන්ත්‍රීවරු. අපි කාටවත් දුන්නේ නෑ විමධ්‍යගත සල්ලි. සජබ විතරක් තෝරගත්ත මන්ත්‍රීවරුන්ට කොටි 110ක් දුන්නා. ආණ්ඩුවෙ සල්ලි. අන්න ඩීල්.
මේ රටට සියලුම ආනයනික වාහන නවත්වලා. ස්කූටි බයිසිකලයක් ගේන්න දෙන්නේ නෑ. හැබැයි මරික්කාර් රනිල් වික්‍රමසිංහ හම්බවෙලා කාර් පර්මිට් ඉල්ලනවා. අන්න ඩීල්.
අපි දේශපාලනයෙදි මුණ ගැහැලා තියනවා. කතා බහ කරලා තියනවා. මම රනිල් වික්‍රමසිංහ එක්ක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන කමිටුවෙ ඉඳලා තියනවා. ඒ පුද්ගලිකව යමක් ගන්න නෙමෙයි.
මම රනිල් වික්රමසිංහත් එක්ක 19 සාකච්ඡා කරන සාකච්ඡාවෙ ඉඳලා තියනවා. පෞද්ගලිකව යමක් ගන්න නෙමෙයි.
ඒ නිසා මම කියන්නේ අපි ඩීල් දේශපාලනයෙ නම් අපි මොනවද ඩීල්වලින් අරන් තියෙන්නේ. අපට තියෙන්නේ සමාජ වගකීමක්. ඒ ඒ වෙලාවෙදි ඒ ඒ නායකයන් එක්ක අපි කතා කරලා තියනවා. යෝජනා ඉදිරිපත් කරලා තියනවා. සාකච්ඡා කරලා තියනවා. අදටත් වලංගුයි ඒක. ඒ කිසිවක් මට හෝ මගේ පක්ෂයේ පුද්ගලික උවමනාවක් ලෙස නොවෙයි. පොදු රට සහ රටේ යහපත වෙනුවෙන් අපි යමක් කතා කරලා තියනවා.
අවසාන වශයෙන් මේ රටේ පුරවැසියන්ට කියන්නේ මේක හුදු ආණ්ඩුවක් වෙනුවට ආණ්ඩුවක් මාරවීමක් නොවෙයි. හුදු පුද්ගලයෙක් විදිහට පුද්ගලයෙක් මාරු වීමක් නොවෙයි මේ සිද්ධ වෙන්නෙ. අපේ සමස්ථ සමාජ දේහයේම ආර්ථික දේහයේම, දේශපාලන දේහයේම අලුත් පරිවර්තනයකට යොමු කිරීමක් මේ සිද්ධ වෙන්න යන්නේ.
මේක කාලාන්තරයක් බලා සිටි අවස්ථාවක්. මේක අත්පත් කරගනිමු.







