දිනසේන රතුගමගේ –
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන බවට නිවේදනයක් නිකුත් කොට තිබේ.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව වවුනියාවේදී රැස් වීමෙන් පසුව ඊයේ (12) එම නිවේදනය නිකුත් කොට තිබේ.
නිවේදනය නිකුත් කොට පැයක් ඇතුළත ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට ඇත්තේ මධ්‍යම කාරක සභාවේ තීරණයට තමන් එකඟ නොවන බවයි.
මධ්‍යම කාරක සභාව විසින් ගන්නා ලද එම තීරණයට මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයාද එතරම් කැමැත්තක් දක්වා නොමැත.
මෙම තීරණය පක්ෂය විසින් ගන්නා ලද්දේ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ දැඩි බලපෑම නිසා බවට එම පක්ෂයේ පිරිසක් චෝදනා කොට තිබේ.








