ඉතිහාසය තුළ මඟහැරෙන්නට ගිය නායකයෙකු අර්බුදයත්, අරගලයත් නිසා මෙරටට යළි හිමිවූ බවත්, එම නායකයාවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැවැන්ත විනාශයකින් කෙළවර වීමට ගිය රට ඉන් මුදවා, නිසි පාලනයට නතු කිරීමට කටයුතු කළ බවත් ප්‍රවීණ රංගන ශිල්පී රොජර් සෙනෙවිරත්න පැවසීය.
ආර්ථික අර්බුදය තවමත් අවසන්ව නොමැති බැවින් යළිත් වලට වැටෙනවාද, නැතිනම් රැකෙනවාද යන්න එළැඹෙන සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනතාවට තීරණය කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
ප්‍රවීණ රංගන ශිල්පී රොජර් සෙනෙවිරත්න මෙම අදහස් පළ කර සිටියේ කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා සහාය පළ කරමින් මෙරට ප්‍රවීණ කලාකරුවන් පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
අවස්ථා ගණනාවකදීම රටේ ඇති වූ විවිධ ගැටලුකාරී තත්ත්වයන් හමුවේ කලා ක්ෂේත්රයට දැඩි බලපෑමක් එල්ල වූ බවත්, 2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසු මෙරට කලා ක්ෂේත්රයට නැවත යහපත් තත්වයක් උදාවූයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට වෙනුවෙන් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නිසා බවත් ඔවුහූ පැවසූහ.
එබැවින් කලා ක්ෂේත්රයට මෙන්ම රටටත්, ජනතාවටත් යහපත් අනාගතයක් උරුම කර දීම වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තමන් තීරණය කළ බවද ඔවුහූ පෙන්වා දුන්හ.
මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොජර් සෙනෙවිරත්න මෙසේ පැවසීය:
“ඉතිහාසයේ අපට මගහැරෙන්න ගිය නායකයෙක් අර්බුදය සහ අරගලය හේතුවෙන් අපට නැවත මුණගැහුණා. එදා මිනිස්සු පෝලිම්වල මිය ගියා, පෝලිම්වල මිනිස්සු ගහ මරාගත්තා, රටේ ඉන්ධන, ගෑස්, කිරිපිටි, ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තිබුණේ නැහැ. විදුලිය තිබුනෙත් නැහැ.
මීට මාස විසි පහකට පෙර අපට තිබුණේ එහෙම රටක් වූවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ තත්ත්වය වෙනස් කළා. රනිල් වික්‍රමසිංහ මහතා එදා අගමැති ධූරය භාරගැනීමට ඉදිරිපත් වුණේ පාර්ලිමේන්තුවේ තනි ආසනයක් පමණක් තිබුණු මන්ත්‍රීවරයා ලෙසයි. එතුමා එතැන් සිට පෝලිම් නැති කළා. දැවැන්ත විනාශයකින් කෙළවර වෙන්න තිබුණු රට එම තත්ත්වයෙන් මුදවා නිසි පාලනයට නතු කළා.
ඉතිහාසය තුළ අප ජනාධිපතිවරණ ගණනාවකට මුහුණ දී තිබෙනවා. ඡන්දය දී ජනාධිපතිවරුන් පත් කරගෙන තිබෙනවා. දේශපාලනමය කරුණු කාරණා පදනම් කර ගනිමින් අප ජනාධිපතිවරුන් පත්කර ගත්තා. එහිදී ආර්ථික කාරණා වෙනුවෙන් ලොකු තැනක් හිමිවුණේ නැහැ.
නමුත් මෙවර අපට ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට සිදුව තිබෙන්නේ ආර්ථිකය පදනම් කර ගෙනයි. ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබූ රට මේ වන විට එම තත්ත්වයෙන් මුදවාගෙන ඇති නමුත් අප යළි එම වලට වැටෙනවාද නැත්නම් ගොඩ යනවාද යන ප්රශ්නය අප සියලුදෙනා ඉදිරියේ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන තීරණය අප සැප්තැම්බර් 21වැනිදා ගත යුතුයි.”
මේ අවස්ථාවට
රංගන ශිල්පී සේනක විජේසිංහ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්යක්ෂ රංග විජේවික්‍රම, චිත්‍රපට නිෂ්පාදක මොහාන් හෙට්ටිආරච්චි ගායන ශිල්පී රජීව් සෙබෙස්තියන් යන කලාකරුවෝ මේ අවස්ථාවට එක් වී සිය අදහස් ප්‍රකාශ කළහ.







