ලලිත් චාමින්ද –
ශ්‍රිලංකා පොදුජන පෙරමුණ විසින් ඇල්පිටිය ප්‍රාදේශිය සභාවට තරග කිරිම සදහා අද (06) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ඇප මුදල් තැන්පත් කරණු ලැබිය.
ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නිතිඥ සාගර කාරියවසම්, හිටපු කෘෂිකර්ම රාජ්‍ය ඇමති නිතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රි ඉසුරු දොඩංගොඩ ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටියහ.
ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සදහා නාම යෝජනා භාරගැනිම මෙම මස 09 වැනිදා සිට සැප්තැම්බර් මස 12 වැනිදින දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදුකෙරේ.







