ක්‍රිකට් ආයතනයේ දිස්ත්‍රික් හා පළාත් පුහුණුකරුවන් බඳවා ගැනීම්, පත් කිරීම් හා මාරු කිරීම් සියල්ල මේ වන විට එහි උප සභාපතිවරයකු ගේ උවමනාව පරිදි සිදු කෙරෙන බව ලංකාසරට වාර්තා වේ.
මෙම උප සභාපතිවරයා පදිංචිව සිටින ප්‍රදේශයේ, ඔහුගේ පාසලේ හා නියෝජනය කරන ක්‍රීඩා සමාජයේ අය අදාල සුදුසුකම් නොමැතිවත් සේවයට බඳවා ගැනීම් සිදු කෙරෙන බව ද මේ සමගම කියවේ.
මේ අතර තම නිවසේ හා බිරියගේ සියලු වැඩ කටයුතු සොයා බලන අයකු මේ වන විට පළාත් පුහුණුකරුවකු ලෙස තෝරා ගෙන ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
සම්මුඛ පරීක්ෂණයේදී ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා කිරීමට යොදා ගන්නා ක්‍රම වේදයෙන් පවා මොහු අසමත් වී තිබිය දී එම තනතුරට පත් කර ඇති අයුරු වාර්තා වේ.
මෙම පුහුණුකරුවන් බඳවා ගැනීමේ නියමිත පටිපාටියක් ඇතත් මේ වන විට උසස් තාක්ෂණ අංශය පවා දේශපාලනීකරණය වී තිබීම හේතුවෙන් සම්මුඛ පර්‍රික්ෂණ මණ්ඩල පවා විහිළුවක් බවට පත්ව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
උසස් තාක්ෂණ මධ්‍යස්ථානයෙන් ඒ ඒ කණ්ඩායම්වලට සංචාර සඳහා පුහුණුකරුවන් යෙදවීමද සිදු කෙරෙන්නේ ලොක්කන්ට මුට්ටි ඇල්ලීමේ ප්‍රවණතාව මත බව එම ආරංචි මාර්ග හෙළි කරයි.







