දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ක්‍රියාත්මකය. එංගලන්ත ඉනිම අවසානය. සියල්ලන්ම දැවී ගොස්ය. නමුත් ලැබී ඇති ඉලක්කය කිසිසේත්ම පහසු නැත. එය ලකුණු 427කි.
අද තරගය ආරම්භ වන්නේ එංගලන්ත කණ්ඩායම කඩුළු 07කට ලකුණු 358ක් ලබාගෙනය. ඊයේ ජෝ රූට් දියත් කළ විචිත්‍ර පිති ප්‍රහාරය ලෝඩ්ස් පිටිය වර්ණවත් කළේය. ජෝ රූට් පන්දු 203ක් මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමග ඊයේ ලකුනු 143 කේ ලැබුවේය.
ශතකාවසානයක් පෙන්නමින් ඊයේ දිනයේ නොදැවී ක්‍රීඩා කරමින් ලකුණු 74ක් ලබාගෙන සිටි එංගලන්ත අංක 8 ක්‍රීඩක ගස් එට්කින්සන් පන්දු 115කට මුහුණ දෙමින් අද විශිෂ්ට ලකුණු 118ක් වාර්තා කළේය. එම ප්‍රහාය ප්රවේගකාරීය. ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 118 ට හතරේ පහර 14කි. හයේ පහර 4කි. ඔහු අද ලෝඩ්ස් පිටියේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිය අණසකට යටත් කරගත්තේය. ලොඩ්ස් පිටියේ දී ජාත්‍යාන්තර ටෙස්ට් තරගයක මංගල ශතකය වාර්තා කිරීම අන්ර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සිහිනයකි. අද මේ යොවුන් ක්‍රීඩකයා එය යථාර්ථයක් කර ගත්තේය.

එංලන්ත කණ්ඩායම 427 ලබා ගන්නේ රූට්ස් ගේ සහ එට්කින්සන්ගේ ශතක දෙකේ පදනම මතය. ඔවුන් දෙදෙනා පමණක් කණ්ඩායමට එක් කළ ලකුණු ප්‍රමාණය ලකුණු 261කි.
අද තරගයේ අති විශිෂ්ට උඩපන්දු රැකීමක් දුටුවෙමු. එම මනරම් පන්දු රැකීමත් මේ තරගාවලියේ අප තුළ බලාපොරොත්තු දනවන නවක ක්‍රීඩක මිලාන් රත්නායක ගෙනි. පන්දුව පසුපස හඹා යමින් ගුවනේ පාවී ගොස් උඩුගුවනේ දී රැකගත් එම උඩ පන්දුව ලෝඩ්ස් ක්‍රිකට් ඉතිහාසයේ විචිත්‍ර වරණයෙන් සටහන් වනු ඇති බව විශ්වාසය. අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට ශතක ලාභී ගස් එට්කින්සන්ගේ කඩුල්ල දවා ගැනීම සඳහා මිලාන් රත්නායක රැකගත් උඩ පන්දුව ක්‍රීඩාශීලීත්වය සහ එහි මුවහත් තියුණුබව වෙනුවෙන් සිදුකළ කැපකිරීමක ප්රකාශනයක් බඳු බව ලියා තැබිය යුතුය.
පළමු ඉනිමේ පන්දු යැවීමේ දී හොඳම පන්දු යැවීම අසිත ප්රනාන්දුගෙනි. අසිත ප්‍රනාන්දු ලකුණු 102කට කඩුළු 05කි. මිලාන් රත්නායක ලකුණු 89කට කඩුළු 02කි. ලහිරු කුමාර ලකුණු 101කට කඩුළු 02කි. ප්‍රභාත් ජයසූරිය ලකුණු 96කට කඩුල්ලකි.
මේ වනවිට ශ්‍රි ලංකා ඉනිම ඇරඹී තිබේ. ස්වකීය අනාගත ක්‍රිකට් ජීවිත සම්බන්ධව තීරණාත්මක අවස්ථාවක ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ඇත. පිට පිටම අසාර්ථක වෙමින් සිටින සිය පිතිකරණ භූමිකාවේ අගය තහවුරු කරගැනීම වෙනුවෙන් ලකුණු අතරට පැමිණීමේ තියුණු අභියෝගය ඔහු සතුය. පැතුම් සිය අංක 03 භූමිකාව සම්බන්ධව සාධාරණ ප්රකාශනයක් කණ්ඩායමට ලබා දිය යුතු අවසථාවක පසුවේ. මේ තරගය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩාවට ඉතාම වැදගත් වන්නේ මෙවැනි කාරණා රැසක් හේතුවෙනි.







