උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි.
ජනාධිපතිවරණය සඳහා ඇහැලියගොඩ පැවැති ප්‍රචාර රැළියක් අමතමින් ජනාධිපතිවරයා අද (28) පැවසුවේ මේ බදු සංශෝධනය සම්බන්ධව ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බවය.
උපයනවිට ගෙවන බද්ද සම්බන්ධව අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති මෙසේ ද කීවේය.
“තව ප්‍රශ්නයක් තමයි උපයන විට ගෙවන බද්ද. ඒකත් විශාල ප්‍රශ්නයක්. IMF සංවිධානයයි අපියි එකඟ වෙලා තියෙනවා, ඒක සංශෝධනය කරන්න වුවමනායි කියලා. මූලික තීරණය අරගෙන ඉවරයි. අපි එක යෝජනාවක් දාලා තියෙනවා. ඒ අය තව යෝජනාවක් දාලා තියෙනවා. ඉතිං මේ යෝජනා දෙක සාකච්ඡා කරලා අපි එකඟත්වයකට ආවාම ඒ නියම ගාණ අපි මෙතන දැනුම් දෙන්නන්.”







