බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් විෂය නිර්දේශ පෙළපොත් නිර්මාණය පිරිසක් භුක්තියට සවි කරන්… මුග්ධ පිළිලය තියුණු සැත්කමකට භාජනය කළ යුතුයි… මහාචාර්ය සරත් විජේසූරිය කියයි!

by editor
අගෝස්තු 24, 2024
in පුවත්, සංස්කෘතිය
Share on FacebookShare on Twitter


ශ්‍රීමතී විජේරත්න – .

කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසූරිය විශ්‍රාම ගැනීම නිමිත්තෙන් , කොළඹ විශ්ව විද්‍යාලයීය සිංහල අධ්‍යනාංශය මගින් සකස් කෙරුන කෘතියක් එළිදැක්වීම පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලීය සනාතන සභා ශාලාවේදී පැවැත්විණ.” මතක 65″ නමින් එළිදැක්වුණු එම කෘතියට ලිපි සැපයීම සඳහා තෝරාගෙන තිබුණේ මහාචාර්යවරයාගේ ජීවිතයේ සමීපතමයන් හැටපස්දෙනෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය සඳගෝමී කෝපරහේවාගේ අධීක්ෂණය හා උපදේශකත්වය යටතේ මෙම කෘතිය සම්පාදනය කර තිබුණි.

චාම් මෙන්ම අභිමානවත් ලෙස පැවති එම උත්සවයේදී මහාචාර්ය සරත් විජේසූරිය කළ විශේෂ කතාව පහතින් දැක්වේ.

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි සහ සඳගෝමී කෝපරහේවා සභාව අමතමින්…

” මගේ ජීවිතයෙන් වසර හතළිස් තුනක කාලයක් ගත කර තිබෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ. පිටිසර ගමක ඉපදී හැදී වැඩියි නිදහස් අධ්‍යාපන වරප්‍රසාදය නිසා උසස් අධ්‍යාපන වරම් ලද මගේ ජීවිතයට සාධනීය අත්දැකීම් සේම නිශේධනීය අත්දැකීම් අපමණව උරුම වුණේ කොළඹ විශ්ව විද්‍යාලයෙන්. මතු දවසක මගේ මෘත ශරීරයත් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ලබා දෙන්නටයි මා තීරණය කර තිබෙන්නේ.

2024 ජූලි මස 26 වෙනදා සිංහල අධ්‍යන අංශයේ ආචාර්ය භවතුන් සියලු දෙනා එකතුව, මාවත් මගේ බිරිඳවත් ඉහළ පෙළේ හෝටලයකට කැඳවාගෙන ගොස් ඉහළ මට්ටමකින් දිවා භෝජනයකින් සංග්‍රහ කළා. ඒ අවස්ථාවේ අද දිනය ගැන දන්වමින් මටත් මගේ බිරිදටත් ආරාධනය කළා මේ අවස්ථාවට පැමිණෙන ලෙස.

අද පළවෙන පොතේ මං ගැන මොන දේ ලියා තිබෙනවාද කියා මා දන්නේ නෑ. මං හිතනවා ලියා ඇත්තේ මොනවා හෝ හොඳ දේවල් කියා.

මා වෙනුවෙන් මෙවැනි සභාවයක් පැවැත්වීමත් ඒ වෙනුවෙන් මට සුදුසුකමක් ඇතැයි කල්පනා කිරීමත් මට ගෞරවනීය සමුදීමක් ඉහළ මට්ටමකින් සංවිධානය කිරීම ගැන අංශ ප්‍රධාන තුමා ප්‍රමුඛ අධ්‍යයන අංශයට පිඨාධිපතිතුමාට හා උපකුලපතිතුමාට මාගේ ගෞරවාදරය මේ අවස්ථාවේ හෘදයාංගමව පිරිනමනවා.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

පසුගිය 26 වැනිදා අගලකඩ සිරි සුමන හිමියන් මගේ චරිතය ගැන අවංකවම මට සතුටු විය හැකි අන්දමේ සෑහෙන විවරණයක් කළා. එදා මා ගෙදර ගොස් බොහෝ වේලාවක් කල්පනා කලේ මට සිහි කරන්නට හා සතුටු වන්නට පුළුවන් ජීවිතයක් විශ්ව විද්‍යාලයේ ගත කර තිබෙන බවයි.

මා යමක් වැටහෙන දා සිට කටයුතු කළේ හැකි උපරිමයෙන් හෘදය ශාක්ෂියට එකඟවයි. ඒ නිසාම මුහුණ දුන් කටුක අත්දැකීම් නිසා මට ශාස්ත්‍රීය ලෝකයේ උරුම කරගන්නට තිබුන ඇතැම් දේ අහිමි වුණා. ඒ කෙසේ වෙතත් ශක්තිමත්ව දෙපයින් නැගී සිටින්නට මා දිරිමත් වුණා. ඊට මට පන්නරයක් ලැබුණේ ජීවතුන් අතර නොසිටි පියාගේ චරිතයෙන් හා සාහිත්‍ය කලාවෙන්.

වෙසෙසින්” මිනිසා විනාශ කළ හැකිය එහෙත් මිනිසා පරාජය කළ නොහැකිය” යන අර්නස්ට් හෙමින්වේගේ වචනවලින් උගත් පාඩම නිසා මට අද මේ අන්දමට ගෞරවාදරය ලබමින් විශ්ව විද්‍යාලයෙන් සමුගන්නට හැකි වී තිබෙනවා. ඒ පාඩම නොලබන්නට ඉන් පන්නරය නොලබන්නට දිවි නසා ගැනීමයි මට උරුමව තිබුණේ. අද මට ඉතා වැදගත් දවසක්. මෙවන් දවසක් යළි උදා වෙන්නෑ. එනිසා මට මා කිසියම් හෝ අවබෝධයක් ලත් මගේ විෂයට අදාළව වැදගත් කාරණයක් මේ සභාවේදී පැවසීමට අවසර පතනවා.

කෘතිය මහාචාර්ය සරත් විජේසූරිය වෙත පිළිගන්වමින්…

රටේ පරහානියට උගත්තුත් වග කිව යුතුයි

අද අප ජීවත් වන්නේ හැම අතින්ම පිරිහුණු විපරීත සමාජයක. මානව ධර්මතා අවප්‍රමාණය වී ඇති අව ප්‍රමාණය වන තමන්ට තමන් හෝ වග නොකියන තත්ත්වයේ සමාජයක. මේ පරිහානියට වගකිව යුත්තේ දේශපාලනඥයන් පමණක් නොවේ රටේ දැන උගත් උදවියද වගකිවයුතු බව මගේ අවංක හැඟීමයි.

උසස් අධ්‍යාපනය ලබන තරුණ පරම්පරා කීපයක් සමඟ මෑත කාලයේ කටයුතු කළ මගේ අත්දැකීම නම් , බහුතරය ජන සමාජය ගැන හෝ රට ගැන හෝ තමන් ගැන හෝ විචාරශීලි නොවෙමින් වගකීමකින් හෝ වග වීමකින් වියුක්තව විභාග සමත් කරන පිරිසක් බවට පත්ව තිබෙන බවයි.

මගේ නිගමනය අනුව මීට හේතුව විචාරශීලීත්වය හා මානව ගරුත්වය උරුම කරන සාහිත්‍ය කලා පරිශීලනය මානව ජීවිතයේ අභිවෘද්ධියට අවශ්‍ය බව වටහා නොගැනීමයි. සැබෑ තත්ත්වය නම් වටහා නොදීමයි. මේ කාරණාව සිනාවට ලක් නොවිය යුතුයි.

සිංහල භාෂාව මියැදෙන්නෙ විශ්වවිද්‍යාල උගතුන්ගේත් දායකත්වයෙන්

රටේ සමාජ සංස්කෘතික පරිහානියේ ආරම්භය මව් බස ඉගැන්වීමේ දෘඪ ආකල්ප හේතුවෙන් දරුවන්ට කුඩා කල සිට සිංහල භාෂාව වෙහෙසකර අත්දැකීමක් බවට පත්කිරීමයි.

ලංකාව නම් කුඩා රටේ රමණීයත්වය ඉතිහාසය දීර්ඝ කාලයකට උරුමකම් කියන සංස්කෘතික උරුමයන් සියල්ල විශද කරන්නේ චින්තන ප්‍රවාහයක්. මේ චින්තන ප්‍රවාහයේ අද්විතීය හා ගැඹුරුම කටහඬ වන්නේ දීර්ඝකාලීන උරුමයක් ඇති සිංහල භාෂාවයි. සිංහල භාෂාවෙන් ලියා ඇති හා නිර්මාණය කර තිබෙන සාහිත්‍යයයි.

සිංහල භාෂාව , භාෂාවේ ඉතිහාසය හා දීර්ඝ කාලීන උරුමයක් ඇති සාහිත්‍ය සම්ප්‍රදාය ගැන ප්‍රාමාණික විද්වතුන් ලියා තිබෙන දේ අප්‍රමාණයි. වර්තමානයේද මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වැඩ කරන ප්‍රාමාණික උගතුන්ගේ කාර්යභාරය අගයමින් මා මේ අවස්ථාවේ පවසා සිටින්නේ මානව ශාස්ත්‍ර අධ්‍යයනයෙන් සිංහල භාෂාව හා සාහිත්‍ය අද වන විට ශෝචනීය අන්දමට මියැදෙන්නට පටන්ගෙන තිබීම අභාග්‍යයක් බවයි. ඒ අපරාධයේ විශ්ව විද්‍යාල උගතුන්ගේ දායකත්වයෙන්ම සිදුවීම ඛේදජනකයි.

මගේ ජීවිත කාලය තුළ එක් එක් අවධිවල මානව ශාස්ත්‍ර විෂයයන් අව ප්‍රමාණය වූ අන්දව මට සිහි කළ හැකියි. ඉතිහාසය පුරාවිද්‍යාව ඉතා නරක අන්දමින් අවප්‍රමාණය කළ අවදි තිබුණා.

ඇතැම් අවකාශයන්හි දෝෂ දර්ශනයට ලක් කෙරෙන ජේ.ආර්.ජයවර්ධන එදා සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය ගොඩනඟා කළ කාර්යභාරය සිහිකරන්න කැමතියි. ඒ වූ කලි මෑත කාලයේ පාලකයෙක් රටට සිදුකළ විශිෂ්ට මෙහෙවරක්. ඒ ව්‍යාපෘතිය නොවන්නට දීර්ඝ කාලීන සංස්කෘතික උරුමයක් පමණක් නොව , පුරාවිද්‍යාව නම් අගනා ශාස්ත්‍රයත් අපේ මානව ශාස්ත්‍ර ක්ෂේත්‍රයෙන් ගිලිහෙන්නට තිබුණා. අපේ සංස්කෘතික උරුමයෙන් පදාසයක් පොළොවට යට වෙන්න තිබුණා. සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය නිසා එය වැළකුණා. ඒක දූරදර්ශී කාර්යභාරයක්.

මගේ යෝජනාව වන්නේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි එවැනි ධූරදර්ශී කැපවුණු කාර්යභාරයක් කළ යුතුයි. එහිදී විශේෂයෙන් සිංහල භාෂාව ඉගැන්වීම නවීකරණය ප්‍රමුඛව මානව ශාස්ත්‍ර සෞන්දර්ය අධ්‍යාපනයට නිසි අවධානයක් යොමු කළ යුතු බව මගේ හැඟීමයි.

මානව ආකල්ප වෙනස් නොකර රටක් දියුණු කරන්න බෑ…

රටක දියුණුව යනු මනුෂ්‍ය ජීවිතවල මානව ආකල්පවල දියුණුවක් බව මෙහිදී වටහා ගත යුතුයි. රටේ සංස්කෘතික උරුමයන් මගහැර මෙය කළ නොහැකියි.

අද රටේ ආර්ථිකය ගොඩනගන්නට ප්‍රධාන කොටගෙන තිබෙන්නේ සංචාරක ව්‍යාපාරයයි.ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයේ ඉහළම අවධානය යොමු කර තිබෙන්නේ මේ රටේ සංස්කෘතික උරුමයන් වෙතටයි එහෙත් මේ වූ කලී දේපළ වස්තු උරුම කර ගැනීමට වියපත් දෙමාපියන් මහලු නිවසක තබා නඩත්තු කිරීම වැනි වැඩක තත්ත්වයට අද සංස්කෘතික උරුමයන් පත්වී තිබෙනවා.

පසුගිය දිනයක සිංහල අංශයේ විද්‍යාර්ථීන් පිරිසක් සමග සීගිරියෙහි අධ්‍යයන චාරිකාවකට අප සහභාගි වුණා. ඒ භූමියට ප්‍රවේශ වන තැන සිට අප තුළ ඇති කළේ කම්පාවක්. විස්මය නම් අප සමගිය කිසිම විද්‍යාර්ථයෙකුට සුළු වශයෙන් හෝ කනස්සල්ලක් ඇති නොවීමයි. ඒ අසංවේදීකම තරුණ විද්‍යාර්ථීන්ගේ ප්‍රශ්නයක්ද? ඔවුන්ට ලබා දී තිබෙන අධ්‍යාපනය ප්‍රශ්නයක්ද? මේ කාරණය ගැන සිතා බලන්නට අවශ්‍යයි.

මානව ශාස්ත්‍ර විෂයයන් හදාරන තරුණ පරම්පරාවක අසංවේදී බව පළ පළ කරන්නේ ඔවුන් ලද ශික්ෂණයෙහි ගැටලුවක්. දරුවන් අනාගතයේදී කවර ක්ෂේත්‍රයක වෘත්තිකයන් බවට පත්වුණත් ඔවුන්ගේ චින්තන වින්දන ශක්තිය අධ්‍යාපනයෙන් දීප්තිමත් කිරීම අවශ්‍යයි. එය සිදු නොකරන අධ්‍යාපනයක ප්‍රතිඵලයයි ප්‍රතිඵලයයි. කලක සිට සෑම අංශයකින්ම දක්නට ලැබෙන්නේ.

රටක තරුණ පරපුර සමාජ සංස්කෘතික හා දේශපාලන සවිඥාණකත්වයෙන් වියුක්ත වීම විෂද කරන්නේ රටක පරිහානිය හා පසුගාමීත්වයයි. රට උරුමයන් ගැන වගේ වගක් නැති ජනසමාජයක් පහළ වීමට හේතු රටේ දැන උගත් පුරවැසියන් නොතකා හරිමින් තිබීම සෝචනීයයි.

මානව ධර්මතා නොරකින රටක් අන්ත දුෂිතයි…

ගජමන් නෝනා සිහිකරනු පිණිස තනා තිබෙන අම්බලම ගැන ලියා තිබෙන කවියක් මට සිහිවෙනවා. එහි තැනක මෙහෙම පැනයක් ඒ කවියා නගනවා.

“සිරිපද සිඹින්නට යන ගමනක් ගානේ…
මේ අම්බලම ළඟ මට දුක් තැවුල් ගෙනේ…
සමනොළ ගලට වැඩියෙන් හිත බරක් වුනේ…
ඒ බර දෙයට නැත්තේ ඇයිද සකියනේ..”

(අම්බලම සහ කිවිඳිය – ධර්මසිරි රාජපක්ෂ- ශක්තියේ පුෂ්පය)

මේ කවියා අහන්නේ බරපතල ප්‍රශ්නයක්. ඒ පැනය අද අප වටහා ගන්නට සමත් ද?

මානව ධර්මතා නොතකන රටක් හැම අතින්ම දූෂිතයි. එහෙම රටක මනුෂ්‍ය ජීවිතවල ඉරණම අතීරණාත්මකයි.අපරාධ සාධාරණීකරණය ඉහළ සිට පහළට සිදුවීමත් අනිවාර්යයි.

ලංකාවේ සමාජ සංස්කෘතික දේශපාලන අවගමනය ඔස්සේ විදහා දැක්වෙන්නේ අපේ භාෂාව හා සංස්කෘතිය ගැන ගැඹුරු හෝ ශෝචනීය යථාර්තයක්.

මව් බස ගිලිහීමෙන් සිදුවන විනාශය

මව් භාෂාව දරුවන්ට එපාවීම හා දෙමාපියන්ට නොවැදගත්වීම හේතුවෙන් සිදු වූ බරපතළ ම අනර්ථය සාහිත්‍ය කලා රසවිඳීම තරුණ පරපුරෙන් ගිලිහී යාමයි. මානව සංවේදනා කෙරෙහි අසංවේදී හා සහ කම්පනයෙන් වියුක්ත සමාජයක ස්වාර්ථයෙන්ම කටයුතු කිරීම තමන්ගේ අනෙක නොතකා හරි මින් කෙසේ හෝ පරිභෝජනය පමණක්ම සාමාන්‍යකරණය වී තිබෙන හැටි අද අප දකිනවා.

මනුෂ්‍ය ජීවිත දීප්තිමත් වීමට වින්දන කුසලතාව බලපානවා. මෙය කුඩා කල සිට උරුම කළ යුතු දෙයක්. වින්දන කුසලතාව දරුවෙකු තුළ වැඩි වර්ධනය වීමට පදනම වැටෙන්නේ මව් භාෂාවෙන්. අද වන විට දැන හෝ නොදැන විනාශ මුඛයට තල්ලු කර තිබෙන්නේ සිංහල භාෂාවේ මහිමයයි. ඒ හේතුවෙන් දශක තුනක් තිස්සේ අව ගමනේ වුන තව පරම්පරා දෙකකින් පමණ අපේ උරුමයන්ගෙන් වියුක්ත ජන සමාජයක් ඇතිවීමේ අනතුරක් තිබෙනවා. රටේ ඇතිවන්නේ සංස්කෘතික සාරාර්ථ හා මානව ධර්මතාවලින් වියුක්ත සමාජයක් බව පෙනී යනවා. මේ ගැන ගැඹුරින් කතා කරන්න මා කාලය ගන්නේ නෑ. මා මෙහිදී පවසන්නට උත්සාහ කරන ප්‍රධාන ප්‍රවාදයට අවධානය යොමු කරන්න කැමතියි.

අද අපේ සාම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපනය සැබැවින්ම නැහැ. විද්‍යාලංකාරය හා විද්‍යෝද විශ්ව විද්‍යාල බවට පත් කිරීම සමගින් අපේ චින්තන ප්‍රවාහයේ විශිෂ්ට බුද්ධිමය සම්ප්‍රදායන් දෙකක් විනාශ වී ගියා. පාලි සංස්කෘත භාෂාවන්හි ප්‍රවීණත්වයක් නොලැබී යාමෙන් අදාළ මූල් කෘති කියවීමට නොහැකි වී යාම හේතුවෙන් මේ විනාශය සිදුවුණා. රජයේ කලායතනය අහෝසි වී යාම සමගින් ප්‍රාමාණික කලා ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කරන සම්ප්‍රදාය නැවතුණා.

හෙට දවසේ සිදුවන්නේ සිංහල භාෂාව ඉගෙනීම ඉගැන්වීම අභාවයට යන තැනට කටයුතු යෙදීමයි. අද ලංකාවේ කුඩා දරුවාගේ සිට උසස් අධ්‍යාපනය හදාරන දරුවා දක්වා අත් හරින ඉගෙනීමට අකමැති විෂය බවට පත්ව තිබෙන්නේ සිංහල විෂයයි. උසස් පෙළ දී සිංහල විෂය හර විෂයක් ලෙස තීන්දු කර තිබෙනවා. මෙය බරපතළ වරදක්. සිංහල හර විෂයක් බවට පත්කර තිබෙන බැවින් ඉසඩ් අගය අඩු වන නිසා කුසලතා සහිත දරුවන් පවා සිංහල විෂය ඉගෙනීම අත්හරිනවා. අද ප්‍රධාන පාසල් බොහොමයක උසස් පෙළ පන්තිවල දරුවන් සිංහල විෂය ඉගෙන ගන්නේ නැහැ. උපන් දා සිට සිංහල භාෂාව කතා කරන දරුවන්ට භාෂාව හොඳින් පරිහරණය කිරීමට අපහසු වීමට ප්‍රධාන හේතුව ඊට අවශ්‍ය පුහුණුව ලබා දෙන්නට අවශ්‍ය නිසි පියවර නොගැනීම.

සිංහල විෂය සැබැවින්ම නීරස තත්ත්වයකට අද වන විට පත්වී හමාරයි. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය ඔස්සේ සිංහල ඉගෙන ගන්නා දරුවන් කලා අංශයෙන් උසස් පෙළ හදාරන්නට සුදුසුකම් ලබන දරුවන් තාක්ෂණික විෂයක් වෙත නැඹුරු වන්නේ වන්නේ ඒ වන විට ඔවුන් ලබා තිබෙන පීඩනය නිසයි. මේ හානිය කළේ මේ විෂයෙහි දිගු කලක් නියමුවන්ව සිටි පිරිස විනා වෙන කිසිවෙකු නොවෙයි

දරුවන්ට සිංහල එපා කළේ කවුද ?

භාෂාව හොඳින් පරිහරණය සඳහා අවශ්‍ය ව්‍යාකරණ නෙමේ දිගු කලක් තිස්සේ රටේ දරුවන්ට ඉගැන්නුවේ. සාහිත්‍ය ඥානය ලබන්නට හැකි සාහිත්‍ය කෘති නොවේ විෂය නිර්දේශවලට ඇතුළත් කළේ. භාෂාව ඉගැන්වීමේදී භාෂාව හොඳින් නිරවුල්ව පරිහරණය කිරීමට අවශ්‍ය මූලික පුහුණුව ලබාදීමට ඒ ගැන දැනුමක් ඇති උදවිය කැපවී කටයුතු කළේ නැහැ.

මව් බසින් ලියවෙන සාහිත්‍යය කියවීම වැඩෙන දරුවෙකුගේ චින්තන වින්දන ශක්තිය ගොඩනැගීමට අත්‍යන්තයෙන්ම ඉවහල් වෙනවා. විචාරශීලී පුරවැසියෙකු ගොඩනැගෙන්නේ රටක ඉතිහාසය රටක උරුමය ගැන කියවීමෙන් ලබන අවබෝධයෙන් වින්දන ශක්තිය දියුණු කරගත් විටයි.භාෂාව ඉගෙනීම වෙහෙසකර වූ නිසා සිංහලෙන් කියවීම තරුණ දරුවන් අත්හැර දමමින් ඉන්නවා. මෙහි ඵලය වන්නේ විචාරශීලී චින්තනයක් නැති පුද්ගලයින් අවම වී යාමයි.ඒ රටක දේශපාලන රාජ්‍ය පාලන පාදයට කරණයට ලක් වීමට නිසැකවම හේතුවක්.

ලංකාවේ විශ්ව විද්‍යාල කීපයකින්ම බිහිවුණු ඉහළ පෙළේ වාග් විද්‍යාඥයින් ගණනාවක් රටේ සිටිනවා. මේ විද්වතුන් අගනා පතපොත ලිපි ලේඛන ලියමින් කටයුතු කරනවා. මේ විද්වතුන්ට තමයි සිංහල භාෂාව මනාව භාවිතා කිරීමට අවශ්‍ය පුහුණුව ලබාදීමේ පරම වගකීම දරන්නට අවශ්‍ය විද්‍යාත්මක ශික්ෂණයේ තිබෙන්නේ. එහෙත් ඔවුන් තම දැනුම භාෂාවේ හා සමාජයේ අභිවෘද්ධියට කැප කිරීමේ කැපවුණු ප්‍රයත්නයක යෙදී නැති බව මගේ නිගමනයයි. අදටත් අපේ ඇතැම් විද්වතුන් සැදී පැහැදී සිටින්නේ භාෂාව භාවිතය වැරදි අහුලමින් පාපන්දු ක්‍රීඩාවේ නිමග්නවීමටයි. ඇතමෙකු කරන්නේ හැම අවකාශයකම භාෂාවේ සිදුවන වැරදි රස කරමින් සිනා රසය දැනවීම හෝ ආවේගාත්මක ප්‍රහාර එල්ල කරමින් ස්වයං වින්දනයක් ලැබීමයි. ඔවුන්ට ඒ සඳහා සදාචාරාත්මක අයිතියක් තිබේද යන්න මගේ ප්‍රශ්නයයි.

මගේ පුද්ගලික අදහස නම් අවශ්‍යයෙන්ම කළ යුතු ඕනෑම දෙයක් උදෙසා සංවිධානගතව කැපවිය යුතුයි. ඒක නිර්භීත වැඩක්.හිත් අමනාපකම් ඇති වේය අනවශ්‍ය ප්‍රශ්න මතුවේය යනාදී කාරණා හිසෙන් ගන්නා හුඹස් බිය නිසා තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන සිටින තැනකට නැණවතුන් පත්වීම අභාගයක්. කුමාරතුංග මුනිදාස පඬිතුමා ස්වකීය භාෂා ව්‍යාපාරය ගොඩනගා දියත් කළේ නිර්භීතව හා කැපවීමකින්. ඒ වෙනුවෙන් අවශ්‍ය තැන සටන් කළ බවත් පැහැදිලියි. ඒ යුගයක කාර්යභාරයක්. එය ඓතිහාසික කාර්යභාරයක්.

මහාචාර්ය සරච්චන්ද්‍ර දියුණු සාහිත්‍ය සම්ප්‍රදායක් වෙනුවෙන් යථාර්ථ රීතිය ප්‍රතිෂ්ඨාපනය කිරීම සිදුකළේ ද අවමන් නින්දා ලබමින් නිර්භීතව හා කැපවීමකින්. භාෂාවේ අනාගත අර්බුදය ගැන අවධියෙන් කටයුතු කළ තිදෙනෙක් අපට සිටියා. යක්කඩුවේ ප්‍රඥාරාම හිමි, ම.ව. සුගත පාලද සිල්වා, සිරි ගුණසිංහ ඒ තිදෙනායි. මේ තිදෙනාගෙන් එක් අයකුටවත් විශ්ව විද්‍යාලයක සිංහල අංශයක නායකත්වය දරමින් අදාල ආයතනවල වගකීම් පවරා ගැනීමට කැපවුණ කාර්යභාරයකට දායක වීමට අවස්ථාව හිමිවුණේ නැහැ. මෙහිදී මම යෝජනා කරන්නේ භාෂණ රීතියෙන් ලේඛනයට නැඹුරු විය යුතුය යන කාරණාව නොවේ.

වියත් ලේඛන රීතිය නිරවුල්ව භාවිත කිරීම වෙනුවෙන් පුහුණුවක් කුඩා අවදියේ සිට දරුවන්ට පාසලෙන් ලබා දිය යුතු බව මගේ යෝජනාවයි.

එය සිදු නොවන විට භාෂාව ඉගෙනීම නීරස වීම නිසා සිදුවන ද්වීතික කාර්යය සාහිත්‍යය කියවීමේ කුසලතාව වර්ධනය නොවීමයි. වසර හතලිහකට ආසන්න කාලයක් තුළ මා දුටුවේ විපතයි

විශ්ව විද්‍යාලවල සිංහල විෂය පිළිබඳ මහාචාර්යවරුන්ට හා වාග් විද්‍යාඥයින්ට සිංහල විෂයේ අභිවෘද්ධියට කාර්යභාරයක් තිබෙනවා එහි වගකීම ඔවුන් පවරා ගත යුතුයි. ඒක සමාජයේම වගකීමක් වෙනුවෙන් පවරා ගත යුතු කාර්යභාරයක්.ඒ වෙනුවෙන් අවංකව කැපවීමක් අවශ්‍යමයි.

“සිංහල” යනු තවත් එක් විෂයක් පමණක් නොවෙයි.මම භාෂාව රටක චින්තනයේ ජීව ප්‍රවාහයයි. ලෝකයේ දියුණු රටවල මූලික අධ්‍යාපනය මව් භාෂාවෙන් ලබා දෙන්නේ ඒ නිසයි.අද ලංකාවේ ජාත්‍යන්තර පාඨශාලාවල හත වසරෙන් සිංහල ඉගෙනීම අවසන් කෙරෙනවා. ප්‍රධාන හේතුව විෂය නිර්දේශය හා පෙළපොත්බව ප්‍රධානම ජාත්‍යන්තර පාසල් හතරක නියමුවන්ගෙන් පැවසුණා.

කාලයක් තිස්සේ විෂය නිර්දේශ සකස් කිරීමේ වගකීම දරන්නේ පෙළපොත් සකස් කරන්නේ සිංහල අංශවල මහාචාර්යවරුන්.භාෂාව සාහිත්‍ය සංස්කෘතියේ ජනාදී ක්ෂේත්‍රවල සිවිල් බලයක් උරුමව තිබෙන්නේ ඔවුන්ටයි.ඒ බලය තනි තනිව නොව සාමූහිකව උරුම කර ගනිමින් කටයුතු කළා නම් සිංහල භාෂාව භාවිත කිරීම සිංහල සාහිත්‍යය කියවීම හා රසවිඳීම විනාශ මුඛයට තල්ලු වන්නේ නැහැ.අභාග්‍ය අද වන විට ඒ ස්ථානවල අරක්ගෙන සිටින්නේ ප්‍රාමාණිකයන් නොවීමයි.මේ තත්ත්වයට පාර කැපුනේ කෙසේද? ඒ ගැන මම මෙහිදී කතා කරන්න කැමති නැහැ.

පෙළපොත් සකස් කිරීම භූක්තියට සවි කරගත් පිරිසකගේ මුග්ධ පිළිවෙත

විභාග දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන වලට අනුව පසුගිය වසර දහය තුළ උසස් පෙළ විභාගයට සිංහල විෂය තෝරාගන්නා ශිෂ්‍ය පිරිස 2014 සිට 2024 වන විට, මේ වසර වන විට හරි අඩකින් අඩු වී තිබෙනවා. දරුවන්ට භාෂාව වෙහෙස කර නී රස හා අප්‍රසන්න විෂයක් වුනේ ඇයි?

පාසල් විෂය නිර්දේශ සකස් කිරීම පෙළපොත් නිර්මාණය කිරීම ගුරු බවතුන් පුහුණු කරන ආයතන වලට මග පෙන්වීම භුක්තියට සවි කරගත් ආචීර්ණ කල්පිත අදහස් හිසින් ගත් උදවිය රටේ අනාගතය දකින්නට අසමත් වූ පිරිසක්. ඒ මුධග් ද පිළිලය තියුණු සැත්කමකට භාජනය නොකළහොත් සිංහල භාෂාවා සාහිත්‍ය වඳ වී යාම වළක්වා ගත නොහැකි බව මගේ විශ්වාසයයි . පිළිගැනීමයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ පැරණිම දෙපාර්තමේන්තුව සිංහල දෙපාර්තමේන්තුවයි. මේ දෙපාර්තමේන්තුවෙන්ම බිහිවුණු පුද්ගලයන් සිංහල විෂය හදාරා පිබිදුනු ඇතැම් පුද්ගලයන් මේ දෙපාර්තමේන්තුවට සැහැසි ලෙස අනවින කරන තැනකට තල්ලු වී සිටීම වේදනාකාරී.

කාල් රොජර් පවසන පරිදි රෝගී මනසක් ඇත්තාගේ හීනමානය තුළින් මතුවන්නේ දුෂ්ටත්වයයි. එවැන්නෙකුගේ එකම අරමුණ විනාශකාරී දේ සිදු කිරීමයි.

සාමූහිකව නිර්භීත නිවැරදි තීරණ නොගන්නා තැනක විනාශකාරී පුද්ගලයෙකුට හිතූ ලෙස පවතින්නට හැකිවීම ඛේදයක්. මේ තත්ත්වයේ විශ්වවිද්‍යාලයෙන් සමුගෙන එන අවස්ථාවේ මට ඉමහත් වේදනාවක් බව කියන්න කැමතියි.

රටක සැබෑ දියුණුව යනු ඒ රටේ ජන ජීවිතයේ යහපැවැත්මයි. මානව ගරුත්වය හොඳ තත්ත්වයකින් පැවතීමයි. හිංසනයේ කවර ලෙසකින් හෝ නොපැවතීමයි. නීතියේ පාලනය පැවතීමයි. මේ සියලු දේ වෙනුවෙන් කුඩා දරුවාගේ සිට වැඩෙමින් සිටින ගැටවරයා දක්වා ලැබිය යුතු අවශ්‍ය ශික්ෂණය ලබාදීමට මව්බස හා ඒ භාෂාවෙන් ලියවුණු සාහිත්‍යයඒ රටේ කලා ශිල්ප හා උරුමයන් පිළිබඳ අවබෝධය හා සංවේදීතාව අවශ්‍යයි. මේ ගැන බර්ටන් රසල් නම් දාර්ශනිකයා පෙර දවසක අවධාරණය කළ ” පාසලක් යනු සංස්කෘතිය පවරා දෙන තැනයි” යන දීප්තිමත් චින්තාව අද අපේ පාසල් සංස්කෘතියෙන් වියුක්තයි. ඒ චින්තාව යළි දල්වා ගත යුතුයි.

භාෂාවේ ව්‍යුහාත්මක කාරණා මූලධර්ම කුඩා දරුවන්ට ඉගැන්වීමට දිගු කලත් තිස්සේ කන්නා ලද උත්සාහය අසාර්ථක බව අද හොඳින් වටහා ගන්න පුළුවන්. තවදුරටත් ලංකාවේ වාග් විද්‍යාඥයින් තම ශික්‍ෂණය කරඬුවක බහා තබාගත යුතු නැතැයි මා සිතනවා. කුමාරතුංග පඬිවරයාගෙන් ආදර්ශයක් ලබා සියලු ප්‍රාමාණිකයන් එක මේසයකට වාඩි වී රටේ දරුවන්ට භාෂාව පරිහරණය කිරීමට අවශ්‍ය පුහුණුව ලබා දිය හැකි අන්දමේ ක්‍රමවේද විද්‍යාත්මකව සම්පාදනය කොට ඒවා ස්ථාපිත කිරීමට නිර්භීතව අකම්පිතව පියවර ගත යුතු බව මගේ යෝජනාවයි. එය කළ හැකි බව මගේ විශ්වාසයයි.

සිංහල භාෂාවෙන් ලියැවෙන සාහිත්‍යය මගහැරීම

සිංහල භාෂාව රටේ දරුවන්ගෙන් ගිලිහී යන්නේ නම් එහි ඊළඟ පියවර ඒ භාෂාවෙන් ලියැවෙන සාහිත්‍ය නොකියවා හැරීමයි.එහි ප්‍රතිඵලය වන්නේ අලුත් සාහිත්‍යයක් නොලිය වෙන තත්ත්වයක් ඇතිවීමයි. භාෂාවක ජන සමාජයක පැවැත්ම හා උන්නතිය උදෙසා සාහිත්‍ය කලාව අදාළ නොවේ යැයි කවරෙකු හෝ සිතන්නේ නම් එහි ඵලය මානව සංස්කෘතියේ දීප්තිමත්ම කලාපයේ අන්ධකාරයේ ගිල්වා දැමීමයි.

අද දින මා මේ අදහස් පැවසීමට කල්පනා කළේ සාහිත්‍යකරුවකු ලෙසින් දෙපයින් සිටගත් මට බලවත්කම් කම්පාවක් තිබෙන නිසා බව සඳහන් කරමින් මා වෙනුවෙන් පැමිණ සියලු දෙනාටත්, ලිපි ලියා ඇති සියලු දෙනාටත් මෙලෙස ගෞරවනීය සභාවක් සංවිධානය කිරීම ගැනත් මගේ හෘදයාගමට කෘතඥතාව පළ කරනවා.

මේ සියලු දේ සිංහල අංශය මට රහසින් සිදු කළේත් කිසියම් ගෞරවයක් නිසා බව මගේ පිළිගැනීමයි.

මගේ මව ඉස්සර කියූ කියමනක් සිහි වෙනවා.
“ඇරිච්ච ඇස් දෙක ළඟ පේන්නෙ නැතිව ,වැහිච්ච ඇස් දෙක ළඟ පෙනිලා වැඩක් නෑ..”

ඒ කියමන අනුව මගේ ඇස් දෙක තවම ඇරගෙන සිටින වෙලාවේ මේ දේ කිරීම ගැන සිංහල අංශයට යළිත් කෘතඥතාව පළ කරමින් එහෙම කරන්න පුළුවන් විදියට මා වසර තිස් අටක් පුරා කටයුතු කර තිබීම ගැන මටත් මා කෘතඥතාව පළ කර ගන්නවා

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලාබයි ලාබයි… සතොසත් සහන දෙයි!

Next Post

ශිකර් ධවාන් ආයේ ක්‍රිකට් ගහන්නෙ නෑ… ජීවිතයේ ඉදිරියට යන්න පිටුවක් පෙරළිය යුතු බවට සමාජ මාධ්‍යයේ පණිවිඩයක් තියා ශිකර් ධවාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.