තමා කොකෙන් භාවිතා කළ බව නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා විනය කමිටුව ඉදිරියේ අද (23) පිළිගෙන තිබේ.
එල්.පී.එල් තරගාවලියේ දි ගෝල් මාවලස් කණඩායමේ නායකත්ව දරමින් සිය කණඩායම අවසන් මහා තරගය තෙක් මෙහෙයවූ නිරෝෂන් දික්වැල්ල තහනම් උත්තේජක ලබා ගත් බවට එල්ල වූ චෝදනා මත ක්‍රීඩා විද්‍යායතනයේදී ක්‍රීඩා විනය කමිටුව හමුවට කැඳවා තිබිණි.
දික්වැල්ල අද සවස 2.30 පමණ විනය කමිටුව හමුවට පැමිණි අතර පැය එක හමාරක පමණ කාලයක් ඔහු කමිටුව හමුවේ ප්‍රකාශ ලබා දුන්නේය. එහිදී ඔහු තමන් කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කළ බව පිළිගෙන තිබිණි.
තරගාවලිය අතර තුර අහඹු ලෙස සිදුකරන මුත්‍රා පරීක්ෂණයක්දී දික්වැල්ල තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට තහවුරු වූයේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට ඔහුට එරෙහිව සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පනවා ඇත.







