දිනසේන රතුගමගේ –
මියගිය සාමාජිකයින්ව සැමරීම සදහා රජයෙන් හෝ වෙනත් ආරක්ෂක අංශ වලින් පූර්ව අවසරයක් ලබා ගැනීමට අවශ්‍ය නොමැති නිසා උතුරු නැගෙනහිර දෙමළ වැසියන් මෙවරද යුද්ධයෙන් මියගිය පිරිස සමරණ බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් 18 දා යාපනයේදි පැවසීය.
යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ ඕනෑම ජාතිකට අයත් ජන කොට්ඨාසයකට තමන්ගේ මියගිය ඥාතීන් සිහිකොට පින්කම් සිදු කිරීම ආගමික චාරිත්‍රයක් බවයි.
රජය හා ආරක්ෂක අංශ මර්දනයෙන් දෙමළ ජනතාවට ඇති එම සදාචාරාත්මක අයිතිය අහෝසි කරන්නේනම් ජනතා විමුක්ති පෙරමුණටද ඔවුන්ගේ මියගිය සාමාජිකයින් අනුස්මරණය කිරීමට ලබා දී ඇති අවස්ථාව අහිමි කළ යුතු බව පැවසීය.
එල්.ටී.ටී.ඊ.සංවිධානය තහනම් සංවිධානයක් වූවත් දෙමළ ජනතාව මේ දිනවලදී සමරණු ලබන්නේ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් නොව යුද්ධය හේතුවෙන් මියගිය තම ඥාතීන් බවද සිවාජිලිංගම් මහතා කියා සිටියේය.
මේ අතර යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මේ මස 23 දා සිට 27වෙනිදා දක්වා කාලය මහවිරු සතිය වශයෙන් ප්‍රකාශයට පත් කොට තිබේ.