මේ මස 27 දා පීරු දේශයේ ලීමාහි ආරම්භ කිරීමට නියමිත ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට යාමට නියමිත ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකුට ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ප්රතික්ෂෙප කර තිබේ.
මේ යොවුන් ක්‍රීඩක පිරිස මෙම තරගාවලිය ඉලක්ක කරගෙන මාස ගණනක් මුළුල්ලේ පුහුණුවීම්වල යෙදී ඇති අතර ඔවුන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍ර හා ඉඳුම් හිටුම් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබා දෙන බවට කලින් පොරොන්දුවී තිබිණ.
දැන් ක්‍රීඩා අමාත්‍යාංශය පවසන්නේ අමාත්‍යාංශයේ මුදල් නොමැති බවය.
එහෙත් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ සංකල්පයකට ස්පෝට්ස් ෆියෙස්ටා නමින් දින තුනක ක්‍රීඩා සැණකෙළියක් පසුගියදා කොළඹදී පවත්වන්නට යෙදින. හුදෙක් සංදර්ශනයක් පමණක් වූ ඒ සඳහා විශාල මුදලක් ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශයෙන් වැය කොට තිබිණ.
මේ වන විට ක්‍රීඩා ඇමති ධූරය උසුලන්නේ ජනාධිපතිවරයායි.







