මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්ලයේ අවසන් රන්දෝලි මහ පෙරහැර අද පස්වරු 6.57 එළැඹි සුභ මොහොතින් වීථි සංචාරය ආරම්භ කළේය.
ඉන්දිරාජා ඇතු සධාතුක කරඬුව වැඩම වූ අතර දෑලෙ ඇතුන් ලෙස කෝට්ටේ රාජා සහ මියන් රාජා ඇත්තු ගමන් කරමින් සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රී වික්‍රමසිංහ රැජිණ හෝටල් පරිශ්‍රයේ සිට අවසන් රන්දෝලි මහ පෙරහර නැරඹීමට එක් වී සිටියහ.
විටින් විට ඇදහැලෙන මහ වැසි නොතකා පෙරහැර නැරඹීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මහනුවර නගරයට රැස්ව සිටිති.







