මේ වනවිට වීථි සංචාරය කරමින් ඇති මහනුවර ඇසළ මහා පෙරහර මංගල්ලයේ අවසන් රන්දෝළි පෙරහරේ දී නොසන්සුන් ලෙස හැසිරුණු හස්ථියෙක් පෙරහරෙන් ඉවත් කිරීමට පෙරහර කමිටුව මීට ස්වල්ප වෙලාවකට පෙර කටයුතු කළේය.

මෙසේ ඉවත් කරනු ලැබුවේ නාථ දේවලා පෙරහරේ ගමන් කළ හස්ථියෙකි. හස්ථියා කලබල වී ඇත්තේ රැජණ හෝටලය අසලින් ගමන් කරමින් සිටියදී ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රී වික්‍රමසිංහ පෙරහර නරඹමින් සිටින්නේ ද රැජණ හෝටල් පරිශ්‍රයේ හිඳිමිනි.
මේ වනවිට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පෙරහර නරඹමින් සිටින බැවින් යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවුවහොත් එහි ප්‍රතිඵල බරපතල විය හැකි බැවින් මෙම හස්ථියා පෙරහරින් ඉවත් කළ බව පෙරහර කමිටුව කියා සිටියේය.








