තම ආණ්ඩුවක් යටතේ රට බංකොලොත් කළ හොරු රැ නීතිය හමුවට ගෙනැවිත් ජනතාවගෙන් සොරා කෑ මුදල් යළි රටට ලබා දෙන වැඩපිළවෙළක් සකස් කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (19) නාවලපිටියේ පැවති සමගි ජන බලවේගයේ ප්රාචාරක රැළිය අමතමිනි.
එහිදී සජිත් ප්‍රේමදාස මෙසේ ද පැවසුවේය.

“බංකොලොත් රටේ සෞඛ්‍ය ක්ෂේත්රයේ දූෂණ සිදුවනකොට, වංචාව සිදුවනකොට අල්ලස කොමිස් මුදල ක්‍රියාත්මක වනකොට මේ රටේ ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් ඒ ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවේ ගෙනාවා. ඒ අවස්ථාවේදි එ කෙහෙළිය රඹුක්වැල්ලව රැක ගන්නට ඉදිරිපත් වුනේ මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාත් ඔහුගේ ගෝල බාලයෝ 113ත් තමයි.
මම ඔබට කියන්න කැමතියි සෞඛ්‍ය ක්ෂේත්රයේ සිදුවූ මේ මහා අපරාධයට, සෞඛ්‍ය ක්ෂේත්රය තුළ පමණක් නොවෙයි පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය ඇතුළු බොහෝ ක්ෂේත්රවල කරන අපරාධවලට, මේ බංකොලොත් රටෙත් මේ කරන හොරකම් වංචා දූෂණ, අල්ලස් කොමිස් ගනු දෙනු සියල්ලක්ම කරන සියලුම දෙනාට අපි නීතිය ක්‍රියාත්මක කරනවා. ඔවුන් නීතිය හමුවට ගෙන එනවා.
එපමණක් නොවෙයි, රට බංකොලොත් කළ හොරු රැළත් අපි නීතිය හමුවට ගෙනැවිත් ඔබගෙන් සූරාගත්ත හොරා ගත්ත රටේ ජාතික සම්පත්, ජාතික අරමුදල් නැවතත් වරක් අපේ රටට යොදා ගන්නට අපි වැඩපිළිවෙළක් යොදනවා.
සජිත් ප්‍රේමදාස කීවේය.







