ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති රෝහණ සාලිය අබේසිංහ වීරවික්රමසූරිය හෙවත් සාලිය වික්රමසූරියි විසින් වාකරේ පොලිස් වසමේ කදිරවේලි ප්රදේශයේ දී සිය රාජකාරි ගිනි අවියෙන් පුද්ගලයෙකුට වෙඩි තැබීමට කළ උත්සාහයක් පිළිබඳව වාකරේ පොලිසියට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
සභාපතිවරයා ඊයේ (17) සිය බිරිය සමග වාකරේ කදිරවේලි වෙත ගොස් ඇත්තේ ඔහුගේ බිරිය සතු අක්කර 12ක භූමියක් යළි වෙන් කරගෙන මායිම් ලකුණු කරගැනීම සඳහා බව වාර්තා වේ.
එම ඉඩම සඳහා ගමන් කරන මාර්ගය සභාපතිවරයා විසින් යෙදවූ කණ්ඩායමක් විසින් බැකෝ යන්ත්රයක් යොදාගෙන සකස් කරවමින් සිට ඇත. එහිදී එම ක්රියාවලියට අදාළ භූමියට යාබද ඉඩම් කොටස් කීපයක් ප්රාදේශිය ලේකම්වරයාගෙන් ලද බලපත්ර සහිතව වගා කරන ප්රදේශවාසී ගොවීන් කීප දෙනෙක් විරෝධය පා තිබේ.
මේ අවස්ථාවේ දී ඇති වූ බහින්බස් වීමකදී ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සිය බලපත්ර සහිත ගිනි අවිය පිටතට ගෙන එය ක්රියාත්මක කරවා ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත.
සිද්ධිය පිළිබඳ ප්රදේශවාසීන් වාකරේ පොලිසියට පැමිණිලි කර තිබේ. පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.







