බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මහ පාර මැද වන අලියෙකුට වෙඩි තබා ඝාතනය කරයි…

by editor
අගෝස්තු 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • වන අලියා ඝාතනය කළ පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගන්න ගිය අවස්ථාවේ දී බකමුණ ඕඅයිසී වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර අත් අඩංගුවට ගැනීම වළක්වලා…

බකමූණ පොලිසියේ නිළධාරින් පිරිසක් වන අලියෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි ඇලහැර වනජීවී කාර්යාලය පවසයි.

මෙම සාහසික ඝාතනය සිදුවී ඇත්තේ දඹුල්ල – බකමූණ ප්‍රධාන මාර්ගයේ දම්පුරගම මංසන්ධියේදී ඊයේ (15) රාත්‍රී 11.45 ට පමණය.

වන අලියාට වෙඩි තබා ඇත්තේ බකමූණ පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙන පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු බව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් සාන්ත අප කළ විමසීමකදී සඳහන් කළේය.

ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ වයසැති උස අඩි අටකින් යුත් සද්දන්ත පිරිමි වන අලියෙකි. පොලීසියට අයත් ත්‍රීවිල් රථයෙන් රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිළධාරීන් කිහිපදෙනාට වන අලියා පහරදීමට යෑමෙදී පොලිස් නිළධාරීන් ඔවුන්ගේ ජීවිත ආරක්ෂාවට වෙඩි තබා ඇති බව පොලිසිය කියයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

වන අලියාට වෙඩි තැබූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා බකමූණ පොලිසියට තමන් ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් ගිය මොහොතේදී එහි පොලිස් ස්ථානාධිපතිවරයා වන අලියාට වෙඩි තබා ඇත්තේ, මුර සංචාරයේ යෙදුන පොලිස් නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව උදෙසා බව ප්‍රකාශ කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බවද ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් ශාන්ත වැඩිදුරටත් පැවසීය.

පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා බකමූණ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් අද (16 ) කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවද ඇලහැර වන අඩිවි ආරක්ෂක නිලධාරියා කීවේය.

වන අලියාට පොලිසියෙන් වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව අප බකමූණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් බොලුකඳුරගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා අදාළ පොලිස් නිලධාරීන් කීපදෙනා අද 16 වෙනිදා ඇළහැර අඩවි ආරක්ෂක කාර්යාලයට භාරදීමට කටයුතු කරන බවය.

වෙඩි ප්‍රහාරයෙන් මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කළුගුආරච්චි ඇතුළු වනජීවි නිලධාරීන් විසින් 16 වෙනිදා දහවල් සිදුකිරීමට නියමිත බවද ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් ශාන්ත අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොහොට්ටුවෙන් රනිල් ට එක්වුන පොහොට්ටුවන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට තීන්දු කරයි!

Next Post

ජනාධිපතිවරණ ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව මෙය විය හැකියි… රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු මූලාශ්‍ර කියයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.