සූරියවැව නුවන් ජයසේකර –
තණමල්විල ජාතික පාසලේ 16 හැවිරිදි සිසුවියක සමූහ දූෂණය කිරීමේ සිද්ධිය වසන් කිරීමේ චෝදනා මත තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එම පාසලේ විදුහල්පති වරයා, නියෝජ්‍ය විදුහල්පති වරයා ඇතුළු ගුරුවරුන් සිව් දෙනා රුපියල් ලක්ෂ 02 බැගින් වු ශරීර ඇප මත නිදහස් කරන ලෙස වැල්ලවාය මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු චතුර ඒ දිසානායක අද (14) නියෝග කළේය.
මෙලෙස ඇප මත නිදහස් කෙරුණේ තණමල්විල ජාතික පාසලේ විදුහල්පති වරයා, නියෝජ්‍ය විදුහල්පති වරයා, විනය කමිටුව භාර ගුරුවරියක් හා උපදේශන ගුරුවරියකි.
මෙම සිදුවිමට අදාලව තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයාගෙන්ද පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන තිබු අතර එහිදිද අනාවරණය වි තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන ලෙසට විදුහල්පති වරයාට ඇතුළු පිරිස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා විසින් උපදෙස් ලබා දි තිබියදිත් එය පැහැර හැර ඇති බවයි.
මෙම සිදුවීමට අදාලව තණමල්විල පොලිසිය විසින් 13 වන දින එම විද්‍යාලයේ විදුහල්පති වරයාත් නියෝජ්‍ය විදුහල්පතිවරයා හා ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කර ඇත්තේ ඒ් අනුවය.
අධිකරණයට ඉදිරිපත් කෙරුණු විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් සිව් දෙනා රුපියල් ලක්ෂ 02 බැගින් වු ශරීර ඇප මත මුදා හැරි අතර යළි මේ මස 22 දින අධීකරණයේ පෙනි සිටින ලෙසට මහේස්ත්‍රාත් වරයා නියෝග කර තිබේ.
මෙම දැරිය සමූහ දූෂණයට අදාලව මේ වන විට සිසුන් 17 දෙනෙකු හා 49 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
එහිදී මහේස්ත්‍රාත් වරයා 49 හැවිරිදි කාන්තාව හා සිසුන් තිදෙනෙකු මේ මස 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර අනෙකුත් සිසුන් 14 දෙනා බණ්ඩාරවෙල සුරක්ෂා මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙස නියෝග කර තිබේ.
මෙම සිද්දිය සම්බන්ධයෙන් මොණරාගල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරියගේ උපදෙස් පරිදි තණමල්විල මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී.බණ්ඩාර ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.







