නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස වගකීම් භාර ගැනීම ගැන ඉන්දියාව සතුටු වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.
හින්දු සුළුතරය ඇතුළ සුළු ජාතික ප්‍රජාවගේ ආරක්ෂාව සහතික කරමින් බංග්ලාදේශය ඉක්මනින් යථාතත්ත්වයට පත් කිරීමට නව අන්තර්වාර පාලනයට හැකි වනු ඇතියි මෝදි අමාත්‍යවරයා විශ්වාසය පල කරයි.

සාමය, ආරක්ෂාව සහ සංවර්ධනය සඳහා දෙපාර්ශ්වයේම පොදු අභිලාෂයන් ඉටු කිරීම ට බංග්ලාදේශය සමග කටයුතු කිරීම වෙනුවෙන් ඉන්දියාව කැපවී සිටින බව ද ඉන්දීය අගමැතිවරයා දන්වා සිටී.
බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළායාමත් සමග ඇති වූ හමුදා පාලනය ප්‍රතික්ෂේප කළ විරෝධතාකරුවන්ගේ ඉල්ලීම අනුව මුහම්මද් යූනුස් අන්තර්වාර පාලනයේ ප්‍රධානියා වූයේය.
නොබෙල් සාම ත්‍යාගලාභියෙකු වන යූනුස් බංග්ලාදේශයේ ආර්ථික විශේෂඥයෙක් සහ සමාජ ව්‍යවසායකයෙකු මෙන්ම හසීනාගේ ප්‍රබල එදිරිවාදියෙකි.







