බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවත් මිනිස් ඇට සැකිලි ගැන හොයන්න වසා දැමූ මන්නාරම සතොස සමූහ මිනීවළ අවට ස්කෑන් පරීක්ෂණයක් කිරීමට අධිකරණයෙන් නියෝගයක්!

by editor
අගෝස්තු 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මන්නාරම “සතොස” සමූහ මිනී වළේ කැණීම් කටයුතු අවසන් කොට ඇතත් එම වළ පිහිටි ප්‍රදේශය ස්කෑන් පරීක්ෂණයකට ලක් කරණ ලෙස මන්නාරම මහේස්ත්‍රාත් එස්.සාජිත් කැණීම් බාර නිලධාරීන්ට ඊයේ ( 8 ) නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ මන්නාරම සතොස සමූහ මිනී වළ සම්බන්ධයෙන් යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතී සංගමය විසින් ගොණු කොට තිබූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීය.

සතොස සමුහ මිනී වළේ තවත් මිනිස් අස්ථි කොටස් ඇති බවට එම සංගමය විශ්වාස කරන බව එම නඩුව ගොණු කළ පිරිස අධිකරණයට කරුණු වාර්තා කරමින් ඉල්ලා ඇත්තේ දැනට වසා දමා ඇති එම සමූහ මිනී වළේ කැණීම් කටයුතු යළි ආරම්භ කරණ ලෙසයි.

කැණීම් කටයුතු සඳහා මුදල් නොමැතිකමත් සමූහ මිනී වළ මන්නාරම නගරයේ ඉතාම අඩු ඉඩක් ඇති ස්ථානයක පිහිටීම නිසාත් උද්ගත වන ප්‍රායෝගික ප්‍රශ්න නිසා එම ස්ථානයේ කැණීම් ආරම්භ කිරීමට පෙර ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම උචිත බවට විනිසුරුවරයා නියෝගයක් ලබා දෙන ලදී.

එම ස්කෑන් පරීක්ෂණ කටයුතු ජෙයෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ අධීක්ෂණය හා ප්‍රධානත්වයෙන් සිදු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා කැණීම් බාර නිලධාරීන්ට නියෝග කළේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මන්නාරමේ එමිල් නගරයේ සංවර්ධන කටයුත්තක් සඳහා පස් අවශ්‍ය වූ අවස්ථාවක 2018 මැයි මස 25 වෙනිදා පස් රැගෙන එන ලද්දේ මන්නාරමේ සතොස තොග ගබඩාව අසල පැරණි ගොඩනැගිල්ලක් කඩා දැමූ බිමකිනි.

පස්ගොඩක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඇටකටු කැබලි ඇති බව දුටු කොන්ත්‍රාත්කරුවෝ මන්නාරම පොලීසියට ඒ බව පැමිණිලි කළහ.

ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව එම ස්ථානයේ කැණීම් ආරම්භ කළ අතර මිනිස් ඇටසැකිළි 239 ක් එහිදී හමු විය.

ඉන් 18 ක් වයස අවුරුදු 18 ට අඩු ළමයින්ගේ බවටද තොරතුරු අනාවරණය විය.

සතොස මිනී වළ හෑරීමේ කටයුතු ඉතා අසීරු අඩියකට පත්වූයේ එම ස්ථානය අවට ස්ථිර ගොඩැනැගිලි විශාල සංඛ්‍යාවක් ඉදි කොට තිබීම නිසාය. පසුව අධිකරණ නියෝගයක් මත හාරණ ලද එම මිනීවල පස් දමා වසා දැමීමට පියවර ගන්නා ලදී.

යළි ඒ පිළිබඳව යළි අවධානය යොමු වී ඇත්තේ එම මිනී වල සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මෙම නඩුව නිසාය.

මෙම නඩුව යළිත් සැප්තැම්බර් මස 16 වෙනිදා විභාගයට ගැනීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහමුද් යූනුස්ගේ අන්තර්වාර රජයට මෝදි සුබ පතයි!

Next Post

රේස්කෝස් එකේ කෘතිම හොකී ක්‍රීඩාංගනය ඡන්දෙට පෙර නිමා කරන්න කරන බලපෑම් නිසා සිදුවන ජාතික අපරාධය විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.