පොලිස්පතිවරයා නොමැතිව පොලිසිය අකාර්යක්ෂම වී ඇතැයි පෙන්වීම සඳහා ඇතැම් පොලිස් ප්‍රධානීන් අපරාධ සිදුවීමට ඉඩ හැර නිසි උපදෙස් ලබා නොදී වගකීමෙන් මගහරින තත්ත්වයක් පිළිබඳ වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
ප්‍රධාන වශයෙන් බස්නාහිර පළාත කේන්ද්‍රකරගෙන මෙම අවුල් සහගත තත්ත්වය පෙනෙන්නට ඇති බව එම ආරංචි මාර්ග පවසයි.
එසේ වුවද පිට පළාත්වල පොලිස් ප්‍රධානීන් බොහෝමයක් පොලිස් ආඥාපනතට අනුව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන බව ද සුළුතරයකගේ මෙම හැසිරීම ප්‍රශ්නසහගත බව ද ඉහළ පොලිස් ප්‍රධානියෙක් ලංකාසරට පැවසීය.







