දිනසේන රතුගමගේ –
යාපනයේ වේලනෙයි රෝහලේ හා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ රෝහල් අපද්‍රව්‍ය වේලනෙයි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට දමා යාම සම්බන්ධයෙන් ඉඩමේ අයිතිකරු යාපනයේ සියලු බලධාරීන්ට ඊයේ (05) පැමිණිලි කොට තිබේ.
ඉඩමේ අයිතිකරු ප්‍රකාශ කොට ඇත්තේ සිය ඉඩමට දමා ඇති රෝහල් අපද්‍රව්‍ය අතර භාවිතයෙන් පසුව ඉවත දමන ලද එන්නත් සිරින්ජර් පමණක් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් දමා ඇති බවය.
සෙසු රෝහල් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තම ඉඩමට කිසිදු අවසරයකින් තොරව දමා යාම නිසා තමන්ට දැන් එම ඉඩමට යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවද ඔහු ප්‍රකාශ කොට තිබේ.
ඉදිරිපත් කරණ ලද පැමිණිල්ලේ පිටපත් යාපනයේ සෞඛ්‍ය බලධරීන් හා පරිපාලන නිලධාරීන් වෙතද ඉඩමේ අයිතිකරු විසින් යොමු කොට ඇත.
ඉඩමේ අයිතිකරුගේ පැමිණිලි වලින් පසුව යාපනයේ වේලනෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක්ද අදාල ඉඩමට පැමිණ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
එම නිලධාරීන් සෞඛ්‍ය නිලධාරීන්ව හා වේලනෙයි රෝහලේ බලධාරීන්ට මේ බව දැණුම් දීමෙන් පසුව එම ඉඩමේම මෙම රෝහල් අපද්‍රව්‍ය වළලා දැමීමට අවසර ඉල්ලා ඇතත් ඊට ඉඩමේ අයිතිකරු එකග වී නොමැත.
ඔහු ප්‍රකාශ කොට ඇත්තේ රෝහල් අපද්‍රව්‍යවල අඩංගු රසායන ද්‍රව්‍ය මිනිස් සිරුරු වලට ඉතා අහිතකර විය හැකි නිසා තම ඉඩම එවැන්නක් සඳහා භාවිත කිරීමට ඉඩ දිය නොහැකි බවය.
ඉඩමේ අයිතිකරු විසින් පැමිණිලි කරණ ලද සියලු පාර්ශ්වයන් මේ සිද්ධිය පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.







