මැතිවරණ කොමිසම විසින් සියලුම කැබිනට් අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් අද (06) සාකච්ඡා සඳහා කැඳවා ඇතැයි එම කොමිසම පවසයි.
මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක අනාවරණය කළේ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවය. ඒ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කොමිසම සූදානම් බව ද සභාපතිවරයා කිවේය.
මීට අමතරව අමාත්‍යාංශ දේපළ කළමනාකරණයට වගකිව යුතු අතිරේක ලේකම්වරුන් සහ මෙම වත්කම් අධීක්ෂණය කරන නිලධාරීන් ද අද මැතිවරණ කොමිසම හමුවට කැඳවා ඇත.
රාජ්‍ය සංස්ථා සභාපතිවරුන් ද කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.







