බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ෆේල් නම් එළියෙන් තියන්න… ක්‍රීඩකයින් කණ්ඩායමේ කොන්ක්‍රීට් කරන තේරීම් කමිටුවට වැන්ඩර්සේ ඇවිත් කියපු කතාව!

by editor
අගෝස්තු 5, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ප්‍රාර්ථනා කරමින් සිටි ජයග්‍රහණයකි. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 32කින් දිනුම්ය.

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය ජයග්‍රහණයේ උන්මාදයෙන් වර්ණනය වුවත් අතුරු සිදුරු නැතිව පිරී ගිය ප්‍රේක්ෂාගාර ඉරිදා දිනයේදීවත් දක්නට ලැබුණේ නැත.

මීට අවුරුද්දකට පෙර එනම් 2023 සැප්තැම්බර් 17 වැනිදා ආසියානු කුසලාන අවසන් මහා තරගයේ ලකුණු 50කට සියල්ලම දැවී ගියේ මේ ක්‍රීඩාංගනයේ දී ය. ඊට මාස දෙකකට පසු පැවති ලෝක කුසලාන තරගාවලියේ 33 වැනි තරගය පැවැතියේ වෙන්කඩේ ක්‍රීඩාංගනයේ ය. 2023 නොවැම්බර් 02 දා ය. 357ක ඉන්දියානු ඉලක්කය හඹා ගිය ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු ඕවර 19.4ක දී ලකුණු 55කට සියල්ලෝ දැවී ගියහ.

ඉන් පසු ඉන්දියාව ශ්‍රි ලංකා කණ්ඩායම එක්දින තරගාවලියක දී මුණ ගැහෙන්නේ සිකුරාදාය. තියුණු තරගයකින් පසු ලකුණු සම වූයේය.

ඒත් ඒ වටිනා තරගය දැක ගන්නට මිනිස්සු ආවේ නැත. අපට ඉතිහාසයේ ලැබුණු ඉන්දියානු ගුටි ඒ තරම් තදට දැනී තිබිණි. එමෙන්ම විස්සයි 20 තරගාවලියේ වගකීම් රහිත ක්‍රීඩාව නිසා ලද නින්දා සහගත පරාජය ඒ රිදුම තියුණු කළේය. අන්තර්ජාතික විස්සයි 20 තරග ඉතිහාසයේ අනුයාත ගරග 5ක් මැදපෙළ සහ පසුපෙළ බිඳවැටීම එක දිගට සිදුවෙමින් තිබුණේ තේරුම් ගත නොහැකි තරම් අතාර්කික ලෙසය. අප සිටියේ කාන්තා කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරිව ශ්‍රි ලංකා පිරිමි කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කිරීම සඳහා යෝජනා කරමිනි. එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ඒ පසුබිමේ ය. ඉතින් මිනිස්සු සල්ලී දී ටිකට් එක්ක අරන් ගුටි කන රිදුම දකින්නට අවශ්‍ය නැති බව පූර්ව නිගමනයකට පැමිණ සිටියහ. අන්තිමට ශ්‍රී ලංකා කණ්ඩායම අපට කාලෙකට පසු ක්‍රිකට් පෙන්නුවේ ය.

ඒ සතුට…

ඉන්දියානු කණ්ඩායමේ මැද පෙළ සහ පසුපෙළ බිඳ වැටෙන ආකාරයට ඉන්දියානුවන් කීවේ ඉන්දියාවට ශ්‍රි ලංකාව වැහී ඇති බවය. චරිත් අසලංක අවශ්‍ය අවස්ථාවක තරගයක් දිනා දිය හැකි පන්දු යවන්නෙක් බව පෙන්නුවේ ය. දුනිත් වෙල්ලාගේ මැද පෙළ පිතිකරුවෙකුගේ අභිමානවත් ගර්වය ලෝකයට පෙන්නුවේය. අවසාන ඕවරයේ එක් ලකුණක් ජයග්‍රහණයට ලබා ගැනීමට අවශ්‍යව තිබිය දී ඔහු ලකුණු නොදී කඩුළු 02ක් දවා ගත්තේය. ඒ එක්දින ලෝක අනුශූරයන්ගේය.

දෙවැනි එක් දින තරගය තිබුණේ ඉරිදාය. ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයට අදත් මිනිසුන් පැමිණියේ දෙගිඩියාවෙන් බව සිතමි. ඒ තරම් අවිශ්වාසයකි. ජයග්‍රහණයම නොව, ගෞරවණීය පරාජයත් නැති තැනක වින්දනය කළ හැකි ක්‍රීඩාවක් නොමැති කම අපව පීඩාවට පත් කළ තරම පෙනුනේය.

කණ්ඩායමේ අංක 1, අංක 2, සහ අංක 3 වේග පන්දු යවන්නන් ආබාධයකට ලක්වය. අංක 1 දඟ පන්දු යවන්නා ද ආබාධිතව කණ්ඩායමෙන් එළියේ ය. එහෙත් දෙවැනි තරගය අප අති විශිෂ්ට ලෙස දිනුම්ය. ලකුණු 32කින් දිනුම්ය. මේ දිනුම ලබන්නේ අවුරුදු 3ක් තිස්සේ ඉන්දියාව හමුවේ එක් දිගට අත් විඳි පරාජයන් වැලක අමිහිරි වේදනාව තුරන් කරමිනි. 2021 ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ පැවති ඉන්දියා ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ තරග තුනෙන් දෙක්ක ජයග්‍රහණය කර ඉන්දියාව තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළේය. නමුත් එම තරගාවලියේ තුන්වෙනි තරයෙන් කඩුළු 03ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. දිනය 2021 ජූලි 21 වැනිදා ය. තරගය පැවැත්වුනේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ය. එදා සිට අද දක්වා අපි ඉන්දියාව සමග ගැසූ හැම තරගයක්ම පැරදුනේය. අපි මේ ඉන්දියාවට එරෙහිව එක් දින තරගයක් දිනුවේ අවුරුදු තුනකට පසුවය. එයත් සැමරිය යුතු නිමිත්තක් විය.

එමෙන්ම අනෙක් කොයි රටකටත් වඩා ඉන්දියාවට ගසා තෘප්තියක් ලැබීමේ ඉතිහාසගත හැඟීම යළිත් මතුවන විට ඇතිවන්නේ නිසැක ආනන්දයකි. එය තවත් තීව්‍ර වන කාරණාවක් ඇත. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්දින තරග 170ක් ක්‍රීඩා කර තිබේ. මෙම තරග 170 න් ඉන්දියාව 99 ක් ජයගෙන තිබේ. ශ්‍රී ලංකාව තරග 58 කදී ජයග්‍රහණය කර ඇත. තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් විය. තරග 2ක ලකුණු සම වී තිබේ.

ෂර්මා, කෝලි සහ කුල්දීප් කැඳවාගෙන එක්දින තරගාවලියට එක් වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණ 100ක් ලබා ගෙන එක් රටකට එරෙහිව ලෝක ක්‍රිකට් ඉතිහාසයේ තරග 100ක් ජයග්‍රහණය කළ කණ්ඩායම හිමි රට බවට පත් වී ලෝක ඉතිහාසයට යන්නට ය.

එය තරගාවලියේ මුල් තරග දෙකේදීම අත් හැරුණේය. මුල් තරගය ලකුණු සමය. දෙවැනි තරගය පරාදය. තරගාවලිය දැනට 1-0 ලෙස අප ඉදිරියෙන්ය. තරගාවලිය සම වෙනවා මිස දැන් පරාජය වෙන්නේත් නැත. අප දැන් ඉන්නේ ඒ සතුටින්ය. මක්නිසාද යත් ඉන්දියා ශ්‍රී ලංකා එක්දින ජාතයාන්තර තරගාවලි ජයග්‍රහණයක් අපි අවසාන වරට ලබා ගන්නේ වර්ෂ 1997 දී වීමය. අවුරුදු 27කින් අපි ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලබාගෙන නැත. ඒ කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගාවලි 13ක් පවත්වා තිබිණි. ඉන් 11ක් ඉන්දියාව දිනුම්ය. තරගාවලි දෙකක් සම වූයේය. අපට තරගාවලියක් සම වීමත් වැදගත් වන්නේ ඒ නිසාය. ඊලඟ තරගයත් ජයග්‍රහණය කර තරගාවලිය ජය ගතහොත් එය අපේ තරුණයින්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ජිවිත කාලයේ දකින ඉන්දියා ශ්‍රී ලංකා මුල්ම තරගාවලි ජයග්‍රහණය ය.

වැන්ඩර්සේ….

අප දුටුවේ තරගයේ මුල සිටම මූලික දේවලි හරියටම කරන ඉහළ වෘත්තීයම තත්ත්වයක ක්‍රීඩාවකි. එක දිගට හරියට ක්‍රිකට් පවත්වාගෙන යන්නේ නැති කණ්ඩායමකින් දකින ඒ වෘත්තිමය භාවය කලාතුරකින් ප්‍රකටවන පුදුමයකි. පන්දු රැකීම පන්දු යැවීම සහ පන්දුවට පහරදීමත් එක සේ මනරම්ය. රසල් ආනල්ඩ් කියන්නාක් මෙන් පුද්ගලිකව වැඩ පෙන්නා ප්‍රේක්ෂකයන් ඉදිරියේ වීරයන් වන්ට හඳට ගසා කුජීත නොවී කකුලෙන් හෝ පන්දුව තල්ලු කරමින් එක දෙක ලකුණු කණ්ඩායමට ලබා ගන්නා පසුපෙළ සහ මැද පෙළ පිතිකරුවන් දුටුවෙමු. හැමදාම කණ්ඩායම ඔසවා තබන පැතුම් නිශ්ශංක මුල් පන්දුවේ දීම දැවී ගිය පසු තරගය ලකුණු 240ක් තෙක් ඇදගෙන ගිය අකාරය ආශ්වාදයෙන් යුතුව බලාගෙන සිටියෙමු.

එක් අවස්ථාවක් හෝ මගහැර තිබුණේ නැත. පැතුම් නිශ්ශංකගේ , කමිඳු මෙන්ඩිස් ගේ මෙන්ම පන්දු යවා කදිම උඩ පන්දුවක් රැකගත් චරිත් අසලංකගේ පන්දු රැකීමත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 1 පන්දු යවන්නා ලෙස සැලකෙන වනිඳු හසරංග මස්පිඩු ආබාධයකින් තරගයෙන් ඉවත්වීම නිසා දඟ පන්දු යැවීමේ අවස්ථාව වෙනුවෙන් වේග පන්දු යවන මොහොමඩ් ශිරාස් වෙනුවට කැඳවූ ජෙෆ්රි වැන්ඩර්සේ අවශ්‍යනම් වනිඳුට තව ටික දවසක් රෙස්ට් කළ හැකි බවට පණිවිඩයක් සමග සිදුකළ අති විශිෂ්ඨ පන්දුකරණයත් ශ්‍රී ලංකා කණඩායමට මේ ගෞරවණීය ජයග්‍රහණය ගෙනාවේ ය.
වනිඳු වෙනුවට කැඳවූ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ භූමිකාව කුමක් දැයි අපට පෙන්වා දුන්නේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

තරගය

අප දුටුවේ ඇහැට ප්‍රිය රටක නියෝජිතත්වයට සුදුසු කොණ්ඩ කැපූ,  කරාබු ගැලවූ, නොගැලපෙන  සේ හිස් වර්ණගන්වා තිබූ හිසකෙස්  පිළිවලෙකට සකසා ගෙන පිටියට පැමිණි ක්‍රීඩකයින්ය. එය සුබ දසුනක් වූ බව කිව යුතුය. එමෙන්ම  දවසත් අපේ ය. කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීම තේරුවේය. එහෙත් ආරම්භයේ දීම අප බිඳවැටිනි. තරගයේ මුල්ම පන්දුවේ දී ම ඉන්දියාවට එරෙහිව විස්සයි 20 තරගාවලියේ සිටම සුපිරි පිතිකරණයක නිරත වෙමින් සිටි පැතුම් නිශ්ශංක පළමු පන්දුවේ දීම දැවී ගියේය.

එහෙත් ඉන් අනතුරුව ලකුණු 74ක සම්බන්ධයක් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගන්නට අවිශ්ක ප්‍රනාන්දුට සහ කුසල් මෙන්ඩිස්ට හැකි විය. අවිශ්ක ඉවසීමෙන් යුතුව පන්දුවට පහර දෙනු පෙනුණි. එක හයේ පහරක්වත් නැත. හතරේ පහර 5කි. අවිශ්ක පන්දු 62කට මුහුණ දී ලකුණු 40කි. දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 74 දී අවිශ්ක දැවී ගියේය.

ඉන් ස්වල්ප මොහොතකට පසු ලකුණ 30ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් පිටියෙන් ඉවත් කිරීමට වොෂින්ටන් සුන්දර් සමත් විය. ඒ වනවිට මුලු ලකුණු සංඛ්‍යාව 79කි. දැන් කඩුළු තුනකි. අනතුරුව පිටියට පැමිණි සධිර සමරවික්‍රම ලකුණු 14ක් නායක චරිත් අසලංක ලකුණු 25ක් ලැබුවේය.

එතැන් සිට යළිත් මැද පෙළ කාලෙකින් නොදුටු විචිත්‍ර පිතිකරණයක් දක්නට ලැබිණි. දුනිත් වෙල්ලාලගේ නැවත වගකීම් සහිත පිතිකරණය යෙදෙමින් පන්දු 35ක දි ලකුණු 39ක් ලැබුවේය. කමිඳු මෙන්ඩිස් පන්දු 44ක දී ලකුණු 40ක් ලැබුවේය. අංක 09 ලෙස පැමිණි අකිල ධනංජයත් පන්දු 13ක දී ලකුණු 15කි.
පන්දු ඕවර 50 අවසන් වනවිට අප කඩුළු 09ක් දැවී ලකුණු 240ක් රැස් කරගෙන තිබිණි.

පන්දු යැවීමේ දී වොෂින්ටන් සුන්දර් ලකුණු 30කට කඩුළු 03ක්, කුල්දීප් යාදේව් ලකුණු 33ට කඩුළු 02ක්, මොහොමඩ් සිරාජ් සහ ඇක්සාර් පටෙල් කඩුල්ල බැගිනුත් ලැබූහ.

ඉන්දියාවේ ඉලක්කය.

ඉන්දියාවේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 241කි. ප්‍රබල ඉන්දියානු පිතිකරණ බලඇණිය හා සසඳන විට එය අපහසු ඉලක්කයක් නොවන බව සිතිනි. එය තහවුරු කරන සිතිවිල්ලක් පහළ වන්නේ රෝහිත් ෂර්මාගේ කදිම ප්‍රාහරයත් සමගය. ෂර්මා පන්දු 44ක් තුළ හයේ පහර 04ක් සහ හතරේ පහර 05ක් සමග ලකුණු 64 ලබා ගත්තේය.

ඉන්දියානු කණ්ඩායමේ මුල්ම කඩුල්ල බිඳෙන්නේ ලකුණු 97 දීය. ඒ කඩුල්ල රෝහිත් ෂර්මාගේ ය. පන්දු යැව්වේ වැන්ඩර්සේ ය. ශුබ්මන් ගිල් ලකුණු 35ක් ලැබුවේය. දෙවැනි කඩුල්ල ලෙස ශුබ්මන් ගිල් දැවී යන විට ලකුනු 116කි. මැදපෙළ පිතිකරු ඇක්සාර් පටෙල් ලකුණු 44කි. එපමණය. ඉතිරි ඉන්දීය පිතිකරුවන් මෙරු වගේය. එනවාට වඩා වේගයෙන් යනවා ය. ඉන්දියන් ප්‍රේක්ෂකයින් කියන ආකාරයට ඉන්දියානු කණ්ඩායමට ශ්‍රී ලංකාව වැහී තිබිණි. පන්දු ඕවර 7යි පන්දු හතරක් ඉතිරිව තිබෙද්දී ලකුණු 208කට සියල්ලො දැවී ගියහ.

අමතක නොව විචිත්‍ර පන්දුකරණයක නිරත වූ ජෙෆ්රි වැන්ඩර්සේ සිය ජීවිතයේ අන්තර්ජාතික එක්දින තරගක වැඩිම කඩුළු ගණන හිමි කරගත්තේය.

වැන්ඩර්සේ පන්දු ඕවර 10 යවා ලකුණු 33කට කඩුළු 06ක් දවා ගත්තේය. එමෙන්ම නායක චරිත් අසලංක යළිත් විශිෂ්ට පන්දු යැවීමකට එක් වෙමින් ලකුණු 20ට කඩුළු 3ක් දවා ගත්තේය.

ඒ තමයි සතුට…

“තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු මාධ්‍ය ඉදිරියේ පෙනී සිට වැන්ඩර්සේ කීවේ තමන්ට ලොකු පිඩනයක් හමුවේ තරග කිරීමට සිදු බවය. මම හිටියෙ එළියේ… යමක් කරලා පෙන්වීමේ වගකීම මට තිබුණා. වනිඳු හසරංග අපේ අංක එකේ පන්දු යවන්නා බවට කිසිම සැකයක් නෑ. කණ්ඩායමේ වාතාවරණය තුළ කණ්ඩායමේ සමතුලිත තාවය තේරුම් ගන්න මට පුලුවන් වුනා. නමුත් මා දිගටම මගේ අරමුණේ ඉන්න මා පොළඹවා ගත්තා. ඇත්තටම තරගකාරී ලකුණු සංඛ්‍යාවක් ලබා දිම සම්බන්ධව පිතිකරුවන්ට ස්තුතිවන්ත විය යුතුයි. කඩුල්ලේ සහාය තිබුණා. මම මූලික දේවල් ටික නිවැරදිව කරන්න උත්සාහ කළා. මේ කාලෙකට පස්සේ මගේ පළමු තරගය. හරි ප්‍රදේශවලට පන්දු යවලා හරි දේ කිරීමේ වගකීමට මටම තිබුණා. පළමු කඩුල්ල ලබා ගැනීමත් එක්ක මට විශ්වාසය ගොඩනැගුනා. දිගින් දිගටම මම හරි තැන පන්දුව පතිත කළා. දෙවියන්ගේ කරුණාවෙන් මට කඩුළු 06ක් ලැබුණා.”

තරගයෙන් පසු වැන්ඩර්සේ කිවේය. ඔහුගේ කතාව තුළ ඇති සරලම ඇත්ත නම් කිසිම ක්‍රීඩකයෙක් කණ්ඩායමේ යාවජීව සාමාජිකයන් නොකළ යුතු බවය. එළියේ සිටි වැන්ඩර්සේ ඇතුළට ආවේ පරණ වැන්ඩර්සේට වඩා කිප ගුණයක ජවයකිනි. හරි දේ කිරීමට සතත අභ්‍යාසයෙන් ලද විනයකින් සහ පුහුණුවකිනි. කණ්ඩායමේ රැඳී සිටීමේ අවකාශය අනුමාන සහ උපකල්පන මත නොව, සංඛ්‍යා දත්ත තුළම සඟවා නැති ඇහැට පෙනෙන යථාර්ථය මත තින්දු කළ යුතු ආකාරය ඔහු කීවේය. ඕනෑම අයියා කෙනෙක් ෆේල් නම් කණ්ඩායමෙන් ඉවත් කර යළි සුදුසුකම් සනාථ කරමින් සිය ස්ථානය තහවුරු කරගැනීමේ වගකීම ඔවුන්ට දෙනවා නම් මෑත ඉතිහාසයේ ක්‍රිකට් මේ තරම් කුජීත නොවන බව වැනඩර්සේ කියා දුන්නේය.

රෝහිත් ෂර්මා කීවේ තරගයක් ජයග්‍රහණය කිරීමට ස්ථාවර ක්‍රීඩා විලාශයක් පෙන්විය යුතු බවය. මැද පෙළ බිඳවැටීම සම්බන්ධව තියුණු අවධානයක් යොමු වී ඇති බව ද ඔහු පැවසුවේය.

“තරගයක් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් ස්ථාවර ක්‍රීඩා විලාශයක් පෙන්විය යුතුයි. අප අද ඒ දේ කළේ නෑ. බලාපොරොත්තු සුන් වෙනවා තමයි. නමුත් මේ දේවල් සිද්ධ වෙනවා.”

“අපි හොඳ ක්‍රිකට් ක්‍රීඩා කළේ නෑ. ශ්‍රි ලංකා කණ්ඩායම අද අපට වඩා හොඳට ක්‍රීඩා කළා. වැන්ඩර්සේ හොඳන් පන්දු යැව්වා. අපි අතීතයේ හොඳ ක්‍රිකට් ක්‍රීඩා කළා. අපි ක්‍රීඩා කළ ආකාරය ගැන ඕනවට වඩා හිතන්න මට දැන් අවශ්‍ය නෑ. නමුත් අපි මැද ඕවරවල පිතිකරණයේ යෙදෙන ආකාරය ගැන නිසැකවම කතා කිරීමට නියමිතයි.” රෝහිත් ෂර්මා කීවේය.

කෙසේ වෙතත් සතුට නම් පාවෙමින් සිටි ඉන්දියානු කණ්ඩායම මහ පොළොවට ඇද දමා දෙපයින් සිටුවීමට අසලංකලා සමත් වීමය. දැන් කණ්ඩායම ඉදිරියේ තවත් වික්‍රමයක් ඇත. එනම් අනිද්දා (07) තරගය දිනා දී 1997න් පසු ඉන්දියාවට එරෙහි තරගාවලි ජයග්‍රහණයක් රටට ලබා දීමය. සනාත්ලාට ,  සංගලාට, මහේලලා ට කරන්න බැරි වුන දේ කර පෙන්වීම ය.

අලුමතින් නැගිටින්නට හැකි මහා ජවය දැන් කණ්ඩායම සතු බව තමන්ම මානසිකව තහවුරු කරගැනීම යනු වර්ණවත් අනාගතයකට වැටෙන ශක්තිමත්ම පදනම බව ලියා තබමු. චරිත් අසලංක ප්‍රකට කරන නායකත්වයේ ගුණය එම හැඟීම් උත්ප්‍රේරණය කරනවනු ඇති බව අපේ විශ්වාසය ය.











Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දැන් ඉන්නේ 24යි… ධම්මික පෙරෙරා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළාම එයින් බාගෙකුත් ගැලවෙනවා… මේ වගේ වැඩ කරලා කාගෙවත් දේශපාලන අනාගත හදන්න බෑ…  කාංචන විජේසේකර කියයි!

Next Post

රටේ ඉතිහාසය වෙනස් කළ අරුණ දර්ශනගේ ඔලිම්පික් දිවිල්ල…. ( වීඩියෝ සහිතයි)

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.