පොදු ජන පෙරමුණේ මතයට විරුද්ධව ක්‍රියා කරන පුද්ගලයින්ට එරෙහි විනය පියවර ගැනීමට දේශපාලන මණ්ඩලය ගත් තීරණය දේශපාලන මණ්ඩලයේ නොවන පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් හිටපු පළාත් පාලන හා පළාත් සභා නියෝජිතයින්ටත් ලිඛිතව දැනුම් දී තිබේ.
පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙක් පත් කිරීමටත්, ඊට එරෙහි වී වෙනත් අපේක්ෂකයෙකුට සහාය පල කරන සියලුම පුද්ගලයින්ට විනය පියවර ගැනීමටත් පසුගිය දා රැස් වූ දේශපාලන මණ්ඩලය තීරණය කළ බවය.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ සමග එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුද්ගලයින් සම්බන්ධව ඍජු විනය පියවර ගැනීමට මේ වනවිට පක්ෂය නිශ්චිත තීන්දුවකට එළඹ ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට සූදානම්වන ධම්මික පෙරේරා සම්බන්ධව නිල ප්‍රකාශය කළ වහාම මේ සම්බන්ධ කටයුතු කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග දක්වයි.
මේ අවදානම ගැන මුල සිටම ඉඟි ලැබීමෙන් පසු පොහොට්ටුවේ විනය ක්‍රියාමාර්ගවලට ලක්වන පිරිස දැනට රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දීමට එක් වී සිටින ශ්‍රී.ල.නි.ප (සිරිපාල) පාර්ශවයෙන් ඉදිරි දේශපාල කටයුතු සිදුකිරීමට අවකාශ විවර කරගෙන ඇතැයි ඊයේ වාර්තා විය.
මේ වනවිට පොදු ජන පෙරමුණේ රැස් වූ දිස්ත්‍රික් බල මණ්ඩල කීපයක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දීම සදහා යෝජනා සම්ම කර තිබිණි. අනුරාධපුරය, අවස්ථා දෙකක දී පොදුජන පෙරමුණ් දිස්ත්‍රික් බල මණඩලයක් සහ ක්‍රියාකාරී හමුවක් රැස් කර රනිල් වික්‍රමසිංහට සහාය පලකිරීමේ යෝජනා සම්මත කරගෙන තිබේ. එස්.එම් චන්ද්‍රසේන සහ රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ ජනාධිපතිවරයා වෙනුවෙන් එම ව්‍යාපෘතිය දියත් කර ඇත.
ගම්පහ දී ප්‍රසන්න රණතුංග එවැනි යෝජනා සම්මතයක් ගෙනාවේය. එමෙන්ම ගාල්ලේ දී රමේෂ් පතිරණ ද ජනාධිපතිවරයාට පොහොට්ටුවේ සහයෝගය ලබා ගැනීමට දිස්ත්‍රික් බල මණ්ඩලයක් රැස් කළ යෝජනාවක් සම්මත කරගත්තේය.







