මහනුවර මහාමායා හා ශාන්ත අන්තෝනි බාලිකා විදුහල් අතර දෙවන වරටත් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී පැවති “කන්ද උඩරට කුමරියගේ නිල් මහ සටන ඊයේ (02) ” කඩුලු තුනකින් ර ජය ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහල් කණ්ඩායම සමත් විය.

මහනුවර මහාමායා කණ්ඩායම පන්දු වාර 30 අවසානයේ කඩුලු 08 ක් දැවී ලබාගත් ලකුණු 128 ට පිළිතුරු ලෙස මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහල් කණ්ඩායම පන්දු වාර 27 ක් අවසානයේ කඩුලු 07 ක් දැවී එම ඉලක්කය සපුරා ගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගත්හ.
ජය සංකේත ප්‍රදානය ඔලිම්පික් මළල ක්‍රිඩාශූරී සුසන්තිකා ජයසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු විය.








