දිනසේන රතුගමගේ –
යාපනයේ නෙල්ලිඅඩි තුන්නාලෙයි ප්‍රදේශයේ අවුරුදු 34 ක විවාහක පුද්ගලයෙකු වයස 9 ක දැරියක් පැහැර ගෙන ගොස් ඇය සමග අඹු සැමියන් ලෙස ජීවත් වෙමින් සිටියදී නෙල්ලිඅඩි පොලීසිය විසින් 1 දා අත් අඩංගුවට ගෙන ඇත.
එක්වරම දැරිය අතුරුදහන් වී ඇති අතර ඇයව සොයා ගැනීමට නොහැකි වූ තැන දැරියගේ දෙමව්පියන් ඒ පිළිබඳව නෙල්ලිඅඩි පොලීසියට පැමිණිලි කොට තිබේ.
පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවැත්වීමේදී සැකකරු දැරිය සමග සිටින ස්ථානයක් පිළිබදව තොරතුරු ලැබී ඇත. ඉන් පසුව එම ස්ථානයට පොලිස් කණ්ඩායමක් ගොස් සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
යාපනය අධිකරණයට ඔවුන් දෙදෙනා ඉදිරිපත් කිරීමෙන් පසුව දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කොට ඒ පිළිබඳව වාර්තාවක් අගෝස්තු මස 7 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එම දිනය දක්වා සැකකරු රිමාන්ඩ් බාරයේ තබන ලෙසද නෙල්ලි අඩි පොලීසියට නියෝග කළේය.
බල වයස්කාර දැරිය පරිවාස බාරයට පත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.







