ආගමික හා විගාමික පනත උල්ලංඝනය කිරීමේ වැරදි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකළ චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අද (01) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබාගෙන වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටියේ යැයි කියන හිටපු අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව නඩු හතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තතුව විසින් පවර තිබිනි.
එම නඩු හතෙහි චෝදනා කියවාදීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේදී අද සිදුකළ අවස්ථවේ දී විත්ති කූඩුවේ පෙනී සිටිමින් ඇය කීවේ ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍ර 07ටම ඇය නිවැරදි කරු බවය.
නඩු විභාගය ඔක්තෝබර් 24 වැනි දිනට නියම කෙරිණි.







