-
දැන් මේ ජයග්‍රහණයේ වින්දනයෙන් මිදී ලැබෙන ප්‍රශංසා නිහතමානීව කළමනාකරණය කරගෙන ඊලඟ පියවරට යමු. ඒ උද්දාමයෙන් මිදුනේ නැතිනම් අපට ඊලඟ අවස්ථාව මගහැරෙනවා කියලා මම කණ්ඩායමට කිව්වා… චමරි කියයි.
-
පුහුණුකරු රුමේෂ් රත්නායකගේ චින්තනය නොවන්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා දුන් පදනම නොවන්නට අප මොනතරම් කැප කිරීම් කළත් මේ ජයග්‍රහණ ලබා ගන්න බෑ….
මේ ආරම්භය පමණක් බවත් දැන් මේ උද්දාමයෙන් මිදී ඊලඟ ඉලක්කයට යෑම සඳහා කණ්ඩායම සමග සූදානම් වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරී අතපත්තු කීවාය.
ඇය පෙන්වා දෙන්නේ ආසියානු කුසලානය දිනාගත් මේ අවස්ථාවේ ආර්ථික අවස්ථා, ප්‍රසංශා, අභිමානයන් ඕනෑ තරම් ලැබෙන බවය. එම අවස්ථා කළමනාකරණය කරගෙන නිහතමානීව දෙවැනි ඉලක්කය කරා ගොස් ලෝක කුසලානය ලංකාවට ගෙනත් දීමේ මෙහෙයුමට මාතෘ භූමිය වෙනුවෙන් සිය කණ්ඩායම සමග කැපවන බවය.”
“දිනනකොට විශාල පිරිසක් ඉන්නවා. පරදිනකොට අප වටා ඉන්නේ ඉතා සුළු කණ්ඩාමක්… දිනුවත් පැරදුනත් අපි එක්ක ඉන්න. අපි කරන්න පුලුවන් උපරිමය කරනවා…” චමරී කීවාය
ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය දා සංවිධාන කර තිබු විශේෂ උත්සවයකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
” මේ තැනට එන්න ක්‍රීඩිකාවන් ලෙස අපි ගොඩාක් දේවල් කැප කරලා තියනවා . හැබැයි මේ කිසිම දෙයක් කැප කළත් මේ තැනට එන්න මේ කිසිම කෙනෙකුට තනියම බෑ. ඒ පිටුපස ඉන්න යෝධ ශක්තිය තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. විශේෂයෙන්ම ෂම්මි සිල්වා මහත්මයා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය.
“ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මගේ කණ්ඩායමේ නවක පුහුණුකාර තුමා. රුමේෂ් රත්නායක මහත්මා ඇතුළු පුහුණුකාර්ය මණ්ඩලය. බොහෝ කාලයක් මම කණ්ඩාමත් එක්ක හිටියා. මම හිතන්නේ මම අවුරුදු 15ක් විතර මම ජාතික කණ්ඩායම නියෝජනය කරනවා. ඉතින් මේ අවුරුදු 15ම ගත්තාම මේ අන්තිම මාස 18 අපි ලබාගත් ජයග්‍රහණවල ලොකුම වෙනස කළ ප්‍රද්ගලයා තමයි රුමේෂ් රත්නායක මහත්මයා. මේ අවස්ථාවේ විශේෂයෙන්ම එතුමාට ස්තුතිවන්ත වෙනවා. කණ්ඩායම ඇතුළෙ ඔහු කිසිම අවස්ථාවක කිසිම නෙගටිව් දෙයක් කතා කරන්න දෙන්නේ නෑ. අනික් පුහුණු කරුවනුත් එහෙමයි. කණ්ඩායම ඇතුළෙ ක්‍රීඩිකාවන්ට තියා අඩුම තරමින් බැගේජ් බෝයිටවත් නෙගටිව් කිසිම දෙයක් ඔහු කතා කරන්න දෙන්නේ නෑ. ”
මා හිතන්නේ ඒ ඔහුගේ සංකල්පය තමයි අපේ මේ ජයග්‍රහණවල තිබ්බ ලොකුම රහස. ක්‍රීඩිකාවන්ට නිදහසේ සෙල්ලම් කරන්න, ඔවුන්ගේ සුපුරුදු දක්ෂතාවලට යන්න ඔහු කිසිම වෙලාවක බාධාවක් වුනේ නෑ. ඔහුට අවශ්‍ය වුනේ තමන්ගෙ ක්‍රීඩිකාවො සැහැල්ලුවෙන් තමන්ගේ ක්‍රීඩාව කරනවා දකින්න.
ඉතින් මම ගොඩක් භාග්‍යවන්තයි ඔහු වගේ පුහුණුකරුවෙක් යටතේ නායිකාව හැටියට කණ්ඩායම මෙහෙයවන්න ලැබීම. ඒ වගේම තේරීම් කමිටුව මේ අවස්ථාවෙදි මතක් කරන්න ඕන. මට අවශ්‍ය කණ්ඩායම හොඳම ටීම් එක ගන්න අපි විවාද කරගෙන තියනවා. මට හැම වෙලාවෙම හොඳම කණ්ඩායම ලබා දුන්නා. ඒකත් මේ ජයග්‍රහණය පස්සේ තියන රහසක්.
ඒ වගේම මගේ ආදරණීය ක්‍රීඩිකාවො. ඔවුන් එකා වගේ හැම වෙලාවෙම මාත් එක්ක හිටියා. කණ්ඩායම දිනන වෙලාවෙ වගේම පරදින වෙලාවෙත් අපි එකා වගේ හිටියා. අපි එකම අධිශ්ඨානයකින් සහ එකම මානසිකත්වයකින් අපි එකට හිටියා. ඒ කරපු ගොඩක් දේවල් නිසා තමයි අපට ආසියානු කුසලානය කියන හීනය සැබෑ කරගන්න හැකි වුනේ.
“මගේ ජීවිතේ තිබුණ හීනයක් තමයි මම පුද්ගලිකව කොපමණ දේවල් ලංකාවට ලබා දුන්නත් ක්‍රීඩාවෙන් සමුගන්න කලින් කලින් කැප්ටන් කෙනෙක් හැටියට මම සමුගන්න කලින් ලංකාවට ආසියානු කුසලානයක්, ලෝක කුසලානයක් ගෙනත් දෙන එක. ඉතින් මගේ ටාගට් දෙකක් තියෙනවා. දෙකින් එකක් මේ වනවිට මට මගේ රට වෙනුවෙන් කරලා දෙන්න පුළුවන් වුණා රට වෙනුවෙන්. ”
“මේක ස්ටාට් එක විතරයි ළමයි. මම හැමවෙලේම මගේ කණ්ඩායමට කියන්නේ මේකත් එක්ක ජීවත් වුණොත් ඊළඟට තියන ලොකුම හීනයට යන්න බෑ. ගොඩක් දේවල් මේ වෙලාවේ අපට ලැබෙනවා. ගොඩක් පැසසුම්, ප්‍රසංසා, අභිමන් හැමදේම ලැබෙනවා. ඉතින් අපි මේවා හරි විදිහට මැනේජ් කරගෙන අපේ කෝච් කියනවා වගේ හැම වෙලාවෙම නිහතමානිවෙලා අපි අපේ ගමන යන්න ඕනේ. ”
“තව මාස එක හමාරකින් මා හිතන්නේ සති හයක් හතක් ඇතුළත ලෝක කුසලානය පැවැත්වෙනවා බංග්ලාදේශයේ දී. අපි තරග කරන ඛාණ්ඩයෙ ඉන්නේ ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායම. නවසීලන්ත කණ්ඩායම. අනු ශූරයින් හැටියට ඉන්න ඉන්දියානු කණ්ඩායම සහ පකිස්ථානය.”
ඉතින් ලේසි ඛාණ්ඩයක් නෙමෙයි. හැබැයි අපි අපේ බෙස්ට් ක්‍රිකට් එක සෙල්ලම් කළොත් අපි දන්නවා අපිට කරන්න පුළුවන් මොකද්ද කියලා. මම බලාපොරොත්තු වෙනවා මගේ ක්‍රීඩිකාවෝ ඒක කරයි කියලා. ”
විශේෂයෙන් පහුගිය කාලය පුරාවටම අපට තිබුණ හැම අඩුපාඩුවක්ම, අපි ඉල්ලන හැම දෙයක්ම වගේ පුලුවන් උපරිමයෙන් අපට ලබා දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා. ඒක ක්‍රිඩිකාවන්ට ලොකු ශක්තියක් වුනා. ඒ ශක්තිය තමයි අපව මේ තැනට ගෙනාවෙ.
මම දන්නවා වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙ සහ ක්‍රීඩිකාවකගේ මූල්‍යමය වටිනාකම එක සමාන නෑ. ඒකට අනුග්‍රාහකයින්ගේ මාධ්‍යයේ හැම දේම බලපෑම තියනවා. නමුත් එහෙම අවස්ථාවක් තියෙද්දි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පිරිමි කණ්ඩායමට ලබා දෙන සියලුම පහසුකම් අපට ලබා දුන්නා. මූල්‍යමය වටිනාකමත් යම් ප්‍රමාණයකට හෝ ලබා දුන්නා. ඒ ගැන මම කණ්ඩායම් නායිකාව ලෙස සතුටු වෙනව.
ජයග්‍රහණය ලැබෙනකොට අපට ගොඩාක් දේවල් හම්බවුනා. මේ ලැබෙන දේවල් එක්ක අපි තව තවත් අපේ ක්‍රීඩාව දියුණු කරගන්න ඕන. ඒක තමයි අපේ අධිශ්ඨානය වෙන්න ඕන.
“මේක අපේ රස්සාව. උදේ නැඟිටලා නින්දට යනකල් මේක අපේ රස්සාව. මේ වෙනුවෙන් අපි කැපවෙන්න ඕනේ. මොකද අපේ රස්සාව අපි ආසා දේ. අපි පුංචි කාලෙ ඉඳන් ආසා කළ ක්‍රීඩාව අපේ රස්සාව වෙලා අපි අපේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන එක මම හිතන්නේ ලේසියෙන් ලබා ගන්න පුලුවන් දෙයක් නෙමෙයි. ක්‍රීඩිකාවො 15යි ලංකාව නියෝජනය කරලා ලෝකයට යන්නේ. ඉන් 11 දෙනයි කණ්ඩායම නියෝජනය කරන්නෙ. ඉතින් ලොකු භාරධූර වගකීමක්. ඒ වගකීම සැහැල්ලු මානසිකත්වයකින් ධෛර්යවන්තව ශක්තිවන්තව කරන්න ඕන.”
” අපි ලෝක කුසලානය ලඟ ඉන්නවා. මම හිතනවා අපට විශාල සහයෝගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැත්තෙන් ලැබෙයි කියලා. පහුගිය කාලේ අපේ ක්‍රීඩිකාවන්ගේ මාසික දීමනාව වැඩි කළා. ඒ වගේම තරග ක්‍රීඩා කරනකොට ලැබෙන මැච් පීස් වැඩි කළා. ඒවා ක්‍රීඩිකාවන්ට විශාල ශක්තියක් වුනා. ”
” මොකද පිට පලාත්වලින් අමාරු තැන්වලින් ආපු ක්‍රීඩිකාවො තමයි මගේ කණ්ඩායමේ ඉන්නේ. ඉතින් ඒ දරුවන්ව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ගොඩක් හොඳන් බලා ගත්තා. මම හිතනවා මගේ කණ්ඩායමේ ක්‍රිඩිකාවො ඔබ දුන්න සහයෝගයට යම් තරමක හෝ දෙයක් කරලා පෙන්වලා තියනවා කියලා. මම හිතනවා තව තවත් අපිට උදව් කරයි කියලා හැමෝම. මම හිතන්නේ දිනනකොට වගේම පරදිනකොටත් අපිත් ඒකක ඔබ හැමෝම ඉඳියි කියලා මම විශ්වාස කරනවා.”
“මොක ක්‍රීඩාව කියන්නේ ජය පරාජය දෙකම උරුම දෙයක්. අද ජයග්‍රහණය කරන කණ්ඩායම හෙට පරාජයට පත් වෙනවා. මොකද එදා දවසේ හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායම සහ වැරදි අඩුවෙන්ම කරන කණ්ඩායම තමයි දිනන්නේ. මෙතන ඉන්න ගොඩාක් අය ක්‍රිඩා කරලා ඉන්න අය. ඒ අය දන්නවා ඇති දිනනකොට ගොඩාක් අය ඉන්නවා. පරදිනකොට හරිම පොඩි පිරිසක් ඉන්නේ. ”
“මම හිතන්නේ අපි දිනනකොට වගේම පරදිනකොටත් මගේ කණ්ඩායමත් එක්ක ඔබ සියලු දෙනාම ඉඳයි කියලා බලාපොරොත්තු වෙනවා…”
ඔබ සියලු දෙනාගේම සහයෝගයත් එක්ක අපේ කණ්ඩායම ලෝක කුසලානයේ පහස මාතෘ භූමියට ගෙනත් දෙන්න මට ඔබ සියලු දෙනාගේම ශක්තිය ධෛර්යය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.







