කීර්ති ප්‍රනාන්දු –
අධිකරණ ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඇමතිවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස තරග කිරීම සඳහා ඔහු සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බවය.
ඔහු මෙසේ ද පැවසුවේය.
“අපේක්ෂකයෙක් ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව සන්ධානයකින් තරගකරන බව මීට දින කීපයකට පෙර නිවේදනය කළා.
ඒ අවස්ථාවේදි පටන් අපට යම් ගැටලුකාරී තත්ත්වයන්, ව්‍යාකූල තත්ත්වයන්, මතුවුනා අමාත්‍ය මණ්ඩලයේ ඉන්න ගමන් ජනාධිපතිවරයාත් අපේක්ෂකයෙක් වෙනකොට මමත් ඒකේ අපේක්ෂකයෙක් විදිහට කටයුතු කරන එක හරි ද කියලා.”
“එතකොට අපි දෙන්නම බලනකොට ආගන්තුක පක්ෂ වලින් තරග කරන්නේ. ජනාධිපතිතුමා මේ පළිබඳව මගෙන් මතය ඇහුවා. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අමාත්‍ය ධූරයෙන් සමුගන්න මම තීරණය කළා.”
“ඒ අනුව ඒ බව දැනුම් දීලා තිබෙනවා. අද මම මේ අමාත්‍ය ධූරයෙන් සමු ගත්තා. මීට මොහෙතකට පෙර අපේ අමාත්‍යාංශයේ ලේකම් තුමා සමග සුහද සාකච්ඡාවක් කරලා ඔවුන්ටත් මම සමු දුන්නා.” ඇමතිවරයා කීවේය.







