නොගැලපෙන දේ සිදුකළත් මෙපමණ කාලයක් වචනයකින් විරෝධයක් නොදක්වා ආණ්ඩුවට පූර්ණ සහයෝගය දීම සිදුකළේ පක්ෂයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් මත බවත්, පොහොට්ටුව ගත් ඒ උත්සාහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිතුරු දී ඇත්තේ පක්ෂය බිඳ දැමීමට කටයුතු කිරීමෙන් බවත් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
නාමල් රාජපක්ෂ මේ බව කීවේ අද නෙළුම් මාවතේ පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ දී මාධ්‍යවේදීන් අමතමිනි.
ඔහු පැවසුවේ රනිල් වික්‍රමසිංහ යනු පුරුද්දක් ලෙස පක්ෂ කඩන දේශපාලකයෙක් බවත්, ඔහුට සහය දීමට තීරණය කළ අවස්ථාවේත් ඔහුගේ මේ පුරුද්ද පිළිබඳ පොහොට්ටුව හොඳ අවබෝධයකින් සිටි බවත් නාමල් රාජපක්ෂ කීවේය. ඒ අවබෝධය සහිතව පොහොට්ටුව රනිල් වික්‍රමසිංහ අන්තර්කාලීන ජනාධිපතිවරයා ලෙස පත් කළේ රට වෙනුවන් බව ද නාමල් රාජපක්ෂ පැවසුවේය.
රනිල් වික්‍රමසිංහගේ මෙම පක්ෂ කඩන පුරුද්ද සම්බන්ධව තරහා නොවන බව කී නාමල් රාජපක්ෂ පක්ෂය ආරක්ෂා කරමින් අවශ්‍ය දේශපාලන තීන්දුව ගන්නා බව ද කීවේය.







