මේ වනවිට පොලිස්පති ධූරය සහ පොලිස්පති ධූරයට පමණක් දෙවැනිවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ධූරය හිස්ව තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා පොලිසිය බරපතල අවුලකට පත් වී ඇති බව වාර්තා වේ.
පොලිස්පති දේශබන්දු තෙන්කෝන් එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවේය.
එමෙන්ම පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනා මත විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ධූරය දැරූ නිලන්ත ජයවර්ධන පසුගිය 18 වැනිදා සිට අනිවාර්ය නිවාඩු ගැන්වීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබිණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මේවනවිට අනිවාර්ය නිවාඩු පිටය.
එමෙන්ම අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස්පතිවරයා විසින් බම්බලපිටිය පොලිස් මූලස්ථානයේ පැවැත්වීමට සූදානම් කර තිබූ විශේෂ උත්සවයක් ද අවලංගු කර තිබේ.





