ඊයේ (17) බුලත්කොහුපිටිය කිරිපෝරුව වතු ගම්මානයේ පාළු ලිඳක පාවෙමින් තිබිය දී මළ සිරුර සොයා ගත් අවුරුදු හතරයි මාස 10ක් වයසැති සිඟිති දියණියගේ මරණය ඝාතනයක් බවත් එහි ඝාතකයා ඇයගේ මව බවත් මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
අමායා දෙව්මි නැමැති මෙම දියණිය ඇයගේ මව විසින් පාළු ළිඳට දමා ඝාතනය කර ඇති බව රුවන්වැල්ල පොලිසියේ විමර්ශන තොරතුරු පවසයි.
මෙම දැරිය පෙර පාසල් යන බවත් පෙර පාසලේ දුන් ගෙදර වැඩ සිදුකොට සිය මව සමග රාත්රී 16 දා රාත්රී 11.00ට පමණ නින්ද ගොස් ඇති බව දැරියගේ මිත්තනිය පොලිසියට පවසා තිබිණි. එහෙත් පසු දින දැරිය සහ මව නිවසේ නොමැතිබව නිවැසියන් දැනගෙන තිබේ.
ඊයේ (17) මොවුන් පදිංචි වත්ත අසල මළගෙදරක ගොසින් එන පිරිසකට අපරාධය සිදුවුන පාළු ළිද අසල මව වැටී හිද ඇති අතර දරුවාගේ සිරුර ළිදේ පාවෙම්න් තිබෙනු දැක ඇත.
පසුව පිරිස එක්ව හදිසි ගිලන් රථ සේවාව මගින් මව ප්රතිකාර සඳහා කරවනැල්ල රෝහලට ඇතුළත් කර තිබිණි. මේ සම්බන්ධව රුවන්වැල්ල පොලීසියට ලද තොරතුරක් මත ඊයේ දිනයේ දී පොලිසිය විමර්ශන ආරම්භ කළේය.
ඝාතනය සිදුව ඇත්තේ පසුගිය 16 වනදා රාත්රී 11ත් පසුදින අලුයම 5.30ත් කාලයේ බවට තොරතුරු අනාවරණය වී ඇත.
දැරියගේ මව කථන ආබාධ සහිත කාන්තාවක් බවත් ඇය අසනීප තත්ත්වයෙන් පසුවූ බැවින් කරවනැල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්රතිකාර ලබමින් සිටින බවත් රුවන්වැල්ල පොලිසිය පවසයි.
රුවන්වැල්ල පොලීසිය වැඩිදුරට පරීක්ෂණ පවත්වයි.







